නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW:
එංගලන්ත කණිෂ්ඨ වීවෘත සූරතාවලියේ සූරියව මෙරටට පැමිණි රනිත්මා ලියනගේට ශ්‍රී ලංකා කණිෂ්ඨ ජාත්‍යන්තර විවෘත සූරතාවලිය ජය ගැනීමේ බලාපොරොත්තු අත්හැර දමන්නට සිඳු වුණා.එංගලන්ත තරගාවලිය නිමා කර ශ්‍රි ලංකාවට පැමිණි ඇයට ඊට පසුදිනම නයිවල පැවත්වෙන ශ්‍රී ලංකා කණිෂ්ඨ ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කිරීමට සිඳුවන ලෙස තරග කාල සටහන සැකසී තිබුණත්,විඩාබර ගුවන් ගමණෙන් පසුව ඇය යම් රෝගී තත්ත්වයකින් පසු වූ අතර එවැනි තත්ත්වයක ක්‍රීඩා කිරීමෙන් ඉදිරි කාලයටත් බලපාන පරිදි ක්‍රීඩා කිරීමට බාධක ඇති විය හැකි බැවින් ඇය තරගාවලියෙන් ඉවත් වන්නට තීරණය කර තිබෙනවා.
ඉදිරියේදී ආසන්න කාල පරාසයක් ඇතුළත ඇයට භූතානයේ සහ පංශයේ පැවත්වෙන ජාත්‍යන්තර තරගාවලි දෙකකට සහභාගි වෙන්නට නියමිතව තිබෙනවා.එවැනි තත්ත්වයක මේ වන විට වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවක ලෙස වඩාත් හැඟුම්බරව සිය රටේ තරගාවලියට මුහුණදෙමින් අසනීප තත්ත්වය නොසළකා සිටියේනම් ඇයට පෞද්ගලිකවත්,රටටත් ඉදිරියේදී අත්විය හැකි පාඩුව විශාල බැවින් ඇය මෙම තරගාවලියෙන් ඉවත්වීම බුද්ධිමත් තීරණයක් ලෙස ගත හැකියි.
එංගලන්ත තරගාවලිය ජයගෙන රනිත්මා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඇය, ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපතිවරයා සහ ලේකම්වරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක් මෙහි දැක්වෙනවා.
