ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙන සහෝදර යුගලයෙන් කෙනෙක් බර්මින්ග්හැම් රිදී පදක්කමක් දිනයි

Date:

ක්‍රීඩා කේෂත්‍රයේ ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිරියට ගෙන යන සහෝදර යුගලයක් වන මිචෙල් ස්ට්‍රැක් සහ ⁣බ්රෙන්ඩන් ස්ට්‍රැක් අතරින් බ්රෙන්ඩන් ස්ට්‍රැක් බර්මින්ග්හැම් හී පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.ඔහු එහිදී මීටර් 2.25 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.

ක්‍රිකට් ක්‍රීඩක මිචෙල් වර්ථමානයේ ඕස්ට්‍රේලියාව සතු අත්දැකීම් බහුලම අංක එකේ පන්දු යවන්නා වන අතර බ්රෙන්ඩන් එරට සිටින හොඳම උස පනින්නාය.ශ්‍රී ලංකා ජාතික වාර්තාලාභී උෂාන් තිවංක පෙරේරාගේ කාලීන හොඳම දක්ෂතාවය මීටර් 2.27 ක් වන අතර ඔහුගේ ජාතික වාර්තාව මීටර් 2.30 කි.

උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම නවසීලන්තයේ කෙර් හමාවිශ් දිනා ගත්තේද මීටර් 2.25 ක දක්ෂතාවයක් දක්වමින්ය.මීටර් 2.22 පිම්ම හමාවිශ් එක්වරම සාර්ථක කර ගත්තද බ්රෙන්ඩන්ට ඒ සඳහා පිමි දෙකක් අවශ්‍යය වූ බැවින් හමාවිශ් ට රන් පදක්කම හිමි විය.ඉන්දියාවේ ශංකර් තේජාස්වින් මීටර් 2.22 ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...