සර්ව පාක්ෂික ආණ්ඩුවට ඇති බාධාවක් ගැන හිටපු ජනපති මෛත්‍රී කියයි (VIDEO)

0
1611

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වන බවක් පෙන්නුම් කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය – සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන වැඩපිළිවෙල කොහොමද ජනාධිපතිතුමා එක්ක ?

“අපට සාකච්ඡාවලට එන්න කිව්වා, අපි ගියා. දැන් ඒ කටයුතු කිරීම සම්බන්ධයෙන් වගකීම තියෙන්නෙ රජය පැත්තෙ. නමුත් මම හිතන්නෙ දැන් බාධාවක් පේනවා. පාර්ලිමේන්තුවේ සෑහෙන පිරිසක් කැමතියි වගේම තව පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට අකමැතියි වගේ”

ප්‍රශ්නය – මේ සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්නත් පිරිසක් කකුලෙන් අදිනවාද ?

“එහෙම පේනවා”

ප්‍රශ්නය – පොහොට්ටුවෙද මේ කට්ටිය ? කවුද දන්නෑ ?

“ඒක ඉතින් ඔබතුමාලාට හොයාගන්න පුළුවන් නෙ”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN