කැරැල්ලක් මැඬපවත්වන්න පුළුවන් මර්දනයකින් විතරයි. ගෝල්ෆේස් කියන්නෙ පොඩි ප්‍රශ්නයක් – නාමල්

කැරැල්ලක් නිර්මාණය වූ විට එය මැඬපැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවත් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට මේ රටට හිතකර සෑම කාරණයකදීම අතිගරු ජනාධිපතිතුමාට අපි සහාය ලබාදෙනවා”

ප්‍රශ්නය – මේ වනවිට අරගලකරුවන් ඉවත්වෙමින් පවතිනවා. ඒ සමගම මේ වනවිට මර්දනය ක්‍රියාත්මක වෙනවා කියනවා ?

“කැරැල්ලක් නිර්මාණය කළොත් කැරැල්ල මැඬපවත්වන්න පුළුවන් මර්දනයකින් පමණයි. එහෙම නැතුව වෙන ක්‍රමවේදයක් නැහැ නෙ”

ප්‍රශ්නය – මේ ක්‍රමවේදය හොඳයි කියලාද කියන්නෙ ?

“පළවෙනි කාරණය තමයි නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඕනෙ. ඉතින් මේ ගෝල්ෆේස් කියන්නෙ පොඩි ප්‍රශ්නයක් විතරයි”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...