තේ වත්තක් නිසා දකුණට විදුලි රැහැන් ඇදීමට නොහැකි වීමේ ගැටලුව විසඳීමට කමිටුවක්

Date:

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇති බව සඳහන්.

දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබේ.

ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුව ද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදු වීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වීමත් නිසා බව හෙලි වී තිබේ.

එම වත්තේ හිමිකරු විසින් අදාල ඉඩම උඩින් විදුලි රැහැන් ඇදීමට විශාල වන්දි මුදලක් ඉල්ලා සිටීමත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීමත් නිසා මෙම ගැටලුව පැන නැගී ඇත.

එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා මේ මුදල වෙනස් කරමින් මේ වන විට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත ප්‍රමාද වී තිබේ.

මෙම වත්ත අයිති කාන්තාව ලෝක බැංකුවට සම්බන්ධ ආයතනයක රැකියාව කිරීම ද මේ ගැටලුවට එක් හේතුවක් බව ද අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

එම නිසා ස්වාධීන තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසදීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව අදාල කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දකුණු පළාත ප්‍රමුඛ දිස්ත්‍රික්ක පහකට විදුලිය සපයනු ලබන්නේ සමනළ වැව ජලාශයෙන් උත්පානය කරන ජල විදුලියෙනි.

යම් හෙයකින් සමනළ වැව සිදී ගියහොත් පැය ගණනාවක් දකුණු පළාතට විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩල නිලධාරීන් රජයට දැනුම් දී ඇත.

මීට අමතරව ඇඹිලිපිටිය පෞද්ගලික තාප බලාගාරයකින් විදුලිය සැපයුව ද එය දකුණු පළාතට පැය 24 ම විදුලිය දීමට ප්‍රමාණවත් නොවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝලීය උණුසුම 3C ඉක්මවා ගියහොත් සිඩ්නි හි තාපය ආශ්‍රිත මරණ 444% කින් ඉහළ යනු ඇති බව ජාතික දේශගුණික අවදානම් තක්සේරුව වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව මුහුණ...

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි!

කොළඹ LNW: කොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව කාල්ටන් නිවසට...

මම පොඩි කාලෙ ඉඳන් බිස්නස් කළා. ඔය කෝටි 27.5ක වත්කම් මගේ අවුරුදු 28ක මහන්සිය – ඇමති වසන්ත සමරසිංහ

තමන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල්...

NPP,JVP එරෙහි බලවේගයක් හදන්න නම් විපක්ෂයට එකතු වෙන්නම වෙනවා – තිස්ස

කොළඹ LNW: මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට...