*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අයිටීඑන් සුදා …

එක වෙලාවක ඇමෙරිකාවේ තැනක කොකා කෝලා කියල බීමක් හැදුව. කොකා කෝලා සමාගම ඒ ගැන ඇඩ් එකක් හැදුව. ඒ ඇඩ් එක ඇමෙරිකන් සහ අනෙක් ගෝලීය රූපවාහිනීවල ගියාට පස්සේ මිනිස්සුන්ට ඒ බීම ගැන කුතුහලයක් ඇතිවුණා. මිනිස්සු ඒක මිළදී ගත්ත. ඒක බිව්වා. ඇබ්බැහි උණා. තව තවත් ගත්ත. තව තව බිව්වා. කෝකා කෝලා සමාගමේ ලාභය බලා ඉන්නැද්දි වැඩිවුණා.

ලෝකයේ ඒ වගේ දැන්වීම් නිසාම ගොඩ ආපු භාණ්ඩ කොච්චර තියනවද?

ඇමෙරිකන් හමුදාව හැදුව I Want You ඇඩ් එක, වොකස්වැගන් හැදුව Think Small ඇඩ් එක, Nike හැදුව Just Do It ඇඩ් එක, කොකා කෝලා සමාගම හැදුව Coke Is It? ඇඩ් එක, KFC හැදුව FCK ඇඩ් එක. ඒ වගේ ලෝකයේ මිනිස්සු තුල බලපෑමක් ඇතිකරපු රූපවාහිනී වෙළඳ දැන්වීම් විශාල ප්‍රමාණයක් තියනවා. දේශපාලනය ඇතුලෙත් බලපෑම් සහගත විදියට මේ දැන්වීම් ක්‍රියාත්මක වෙලා තියනවා. චරිත උස්සන්න වගේම පාත්කරන්නත්.

ඒ නිසා දේවල් ගැන සරල විදියට හිතන්න එපා. ඕනෑම පොඩි දෙයක් පත්තු කරලා ගන්න උපක්‍රම මේ වෙද්දී ලෝකය හොයාගෙන තියනවා.

ඒ නිසා එක වෙලාවක අපි වැඩිය ගණන් ගත්තේ නැති දෙයක් තව පොඩ්ඩක් වෙලාවක් ගිහිල්ල අතිශයින්ම බලගතු දෙයක් වෙන්න පුළුවන්. ඒ එක්ක ජන විඥාණය කියන එක හොඳට හෝ නරකට වෙනස් වෙන්න පුළුවන්.

රජයේ රූපවාහිනී කියන්නේ කිසි දෙයක් කරගන්න බැරුව, සමාජයට කිසිම පණිවිඩයක් දීගන්න බැරුව නන්නත්තාර වෙලා, කොරවෙලා තිබ්බ වෙලාවක තමයි ”අයිටීඑන් සුදා” ස්වාධීන රූපවාහිනිය ගන්නේ. එතෙක් අයිටීඑන් සුදා කියල නමක් තිබ්බේ නැතත් දැන් එහෙම ”චන්ඩි නමක්” පවා ඇතිවෙලා තියෙන්නේ එහෙම කෙනෙක් ඉන්නවා කියල අපි තුළ අදහසක් තියන නිසා. ඒකම ඇඩ් එකක්. ටිකක් බය හිතෙන ඇඩ් එකක්.

දැන් පෞද්ගලික රූපවාහිනී මට්ටමටම සමහර විට නැති උනත් සමාජයේ යම් තීරුවක් ඒක බලන්න අරගෙන. 69 ලක්ෂෙන් සෑහෙන පමණ පිරිසක්, යූඑන්පී කාරයෝ ටික, සමාජයේ ටිකක් නිර්පාක්ෂික කොටස්, තවම මතයක් නැති අය සහ විශේෂයෙන් විරුද්ධවාදීන් කියන හැමෝම දැන් එළිපිට හෝ රහසින් මේ ගැන කතා වෙනවා. ඇත්තටම කතාවෙන්න තරම් දෙයක් නැති උණත් ”අයිටීඑන් සුදා” ඊළඟ දවසේ මොන මඟුලක් කරයි ද කියල මිනිස්සු තුල යම් කුතුහලයක් තියනවා. මේකම තමයි සුදාට කරගන්න ඕනි උනෙත්. අවධානය එයා පැත්තට ගන්න එක.

ඒකට එයා වෙනත් රූපවාහිනීවලට වැඩිය වද්දගන්නේ නැති හෝ වද්දගන්න බය කිහිපදෙනෙක් ”පාවිච්චි” කළා. ඒ යන අයත් පාවිච්චි වෙනවා කියල දැනගෙනම ඒ අවකාශයට ගියා. දැන් එතන වැඩක් යනවා. අපි කියමු කඩේ යනවා කියල. ඔව්..ඒක හරි එතන යනවා. මොකද වෙනතැනක ඒකවත් පිළිවෙලට වෙන්නේ නැති නිසා.

සුදා ඔළුව පාත්කරගෙන පටන්ගත්ත වැඩේ දිහා මිනිස්සු බලනවා මොකක් හරි දෙයක් මෙතන තියෙන්න පුළුවන් කියල. කොකා කෝලා වල මුකුත් නැහැ වගේම මෙතැනත් මුකුත් නැහැ කියල ඕනිනම් කියන්න පුළුවන්. හැබැයි ඒ ”මුකුත් නැති නිසාම” තමයි කෝක් නැගල ගියේ (nothingness).

කොකාකෝල කට්ටියත් මේකේ මහාලොකු දේවල් තියනවා කියල පරසක්වළ ගහන්න ගියේ නැහැ. මුකුත් නැති විදියටම හිටිය. අදටත් අපි එයාලගේ ෆෝමියුලා එක දන්නේ නැහැ. ඒත් බොනවා. වෙනත් ගුණදායක බීම තියෙද්දිත් බොනවා.

ගොඩක් අය අයිටීඑන් එක දිහාට හැරිලා බලනවා මොනවා හරි එතන වෙනවා වෙන්න ඇති කියල. අවශ්‍ය ඒක තමයි. මෙච්චර කල් හැරිලාවත් නොබලපු එකක් දිහා හැරිලා හරි බලන එක. එතනින් තමයි පටන්ගන්නේ.

කිසිම දෙයක වගේම කිසිම පුද්ගලයෙක්ගේ හැකියාව අඩුවෙන් තක්සේරු කරන්න එපා. ඒක තමයි දේශපාලනයේ අපි අතින් වෙන්න පුළුවන් ලොකුම වරද….

ඇතැම් දෙනලද තත්වයන් එක්ක මිනිස්සු මාර ශක්තිමත් වෙනවා. හැකිතාක් ඔවුන් දිනාගන්න බලන්න.

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan