ජල බිල 50%කින් වැඩි කළත් ශත දෙකක් පාඩුයි – සනත් නිශාන්ත

Date:

කොළඹ LNW:පානීය ජල ගාස්තුව 50%කින් ඉහළ දැම්මත් තවමත් ජල සම්පාදන මණ්ඩලයට ජලය ලීටරයකින් ශත දෙකක පාඩුවක් දරන්නට සිදුවෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

ගාස්තුව ඉහළ දැමීමට පෙර පිරිසිදු ජලය ලීටරයක් නිෂ්පාදනය කිරීමට ශත 7ක මුදලක් වැය වුණත් පාරිභෝගිකයන්ට එය ලබාදුන්නේ ශත 2ක මුදලකට බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එහිදී මණ්ඩලයට සත පහක මුදලක් පාඩු වූ බවයි ඔහු පවසන්නේ.

පසුගිය දා ගාස්තුව වැඩි කිරීමෙන් පසුව ජල ලීටරයක් ජනතාවට ශත පහකට ලබාදීමට අවස්ථාව උදා වුණත් තවත් ශත දෙකක පාඩුවක් මණ්ඩලය දරන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ මේ හේතුවෙන් ජල ගාස්තු නැවත ඉහළ දමන්නේද යන්න ගැන තීරණයක් ගෙන නොමැති බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්ත ලෙජන්ඩ් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW):  එංගලන්තය වෙනුවෙන් මෙතෙක්...

අස්ථි බිඳීම් සුව කිරීමට මිනිත්තු තුනක්? චීනයේ අද්භූත ‘Bone-02’ අලේපනය

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 30, ලෝකය (LNW): චීන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්...

කටයි වැඩයි පාලනය කර ගන්න නොදන්න ගම්භීර්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: ගෞතම් ගම්බීර් තරමක ආන්දෝලනයට...

මතක තියා ගන්න මේක උන්ට ගිය රට නෙවෙයි – ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි!

කොළඹ LNW:සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු...