ප්ලාස්ටික් භාණ්ඩ කීපයක් තහනම් කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි සති දෙක තුළදී ප්ලාස්ටික් අයිතම කිහිපයක්  තහනම් කරන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසයි.

එහිදී , ප්ලාස්ටික් මල්මාලා, එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි අයිතම කිහිපයක් ඉදිරි සති දෙක තුළ දී තහනම් කිරීමටයි අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ , ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවේ දී අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය දියත් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවයි.

තවද, අමාත්‍යවරයා පැවසූවේ , මීට අමතරව ආසියා පැසිෆික් කලාපයේ පාරිසරික ගැටළු සාකච්ඡා කිරීමට රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට වේදිකාවක් සැපයෙන ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ පස්වන සංසදය ලබන ඔක්තෝබර් 3 වනදා සිට 6 වනදා දක්වා කොළඹදී පැවැත්වෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...