*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

මේ දෙගොල්ලෝ පාටවලින් විතරයි වෙනස් – අනුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අසන ජාඇල සමුළුව අමතමින් කියා සිටියේ , වෙනසක් බලාපොරොත්තුවෙන් රනිල් වෙනුවට මහින්ද හෝ මහින්ද වෙනුවට රනිල් හෝ බලයට පත්කිරීමෙන් ඵලක් නැති බවත් , ඒ අය දෙකක් නොව එකක් බවයි.

මහජනයාගේ ධනය සොරකම් කරනවා වෙනුවට මහ ජනයාගේ ධනය පරෙස්සම් කරන දේශපාලනයක් අවශ්‍ය බවත්, එම වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගය බවත් ඔහු පවසයි.

ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් පැවසූවේ මෙසේය.

” දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව වෙනසක් උවමනාවෙන් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. ආපසු හැරී බැලුවාම වෙනසක් වෙලා නැහැ. අපේ රටට උවමනා සැබෑ වෙනසක්. අපේ රටේ ජනතාව නායකයෝ, ආණ්ඩු වෙනස් කළා. නමුත් දේශපාලන සංස්කෘතිය, ආර්ථික පිළිවෙත, ප්‍රතිපත්ති කිසිවක් වෙනස් වුණේ නැහැ. අපේ රටට දේශපාලන සංස්කෘතියේ, ආර්ථික ප්‍රතිපත්තියේ, සහ යහපත් සමාජ වෙනසක් අවශ්‍යයි. දශක ගණනාවක් තිස්සේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ සැබෑ වෙනස සිදු කරන්න ජාතික ජන බලවේගයේ අපි සූදානම්.

මේ දෙගොල්ලෝ පාටවලින් විතරයි වෙනස්. දේශපාලනයේදී මේගොල්ලෝ කණ්ඩායම් දෙකක් නොවෙයි, එකක්. ක්‍රියාවන්ගෙන්, ප්‍රතිපත්තිවලින් සමානයි. වෙනසක් බලාපොරොත්තුවෙන් රනිල් වෙනුවට මහින්ද හෝ මහින්ද වෙනුවට රනිල් හෝ බලයට පත්කිරීමෙන් ඵලක් නැහැ. ඒගොල්ලෝ දෙකක් නොවෙයි, එකක්. විකුණපු හම්බන්තොට වරාය පවරගන්න, පාස්කු ප්‍රහාරකයාට දඩුවම් දෙන්න, මහ බැංකු හොරා රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න, ගෝඨාභය බලයට පත්කරනවා. නමුත් ගෝඨාභය ගෙදර ගිහින් ඒ ඡන්දයෙන්ම රනිල් ජනාධිපතිවෙලා. මෙහෙම වෙන්නේ කොහොමද? මේ සියල්ලෙන්ම පෙන්වන්නේ දේශපාලනයේදී, ඒගොල්ලෝ කණ්ඩායම් දෙකක් නොවෙයි, එකක් බවයි. නිමල් සිරිපාල 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේත් ඇමති. 2005 මහින්දගේ ආණ්ඩුවේ ඇමති. 2015දි රනිල්-මෛත්‍රී ආණ්ඩුවේත් ඇමති. 2019දි ගෝඨාභයගේ ආණ්ඩුවේත් ඇමති. 2023 රනිල්ගේ ආණ්ඩුවේත් ඇමති. වෙනස් වෙන්නේ නැහැ. මහින්ද අමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුවේු මහින්දගේ ආණ්ඩුවේ, රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ, ගෝඨාභයගේ ආණ්ඩුවේ, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. තමුන්නාන්සේලා වෙනස් කරනවා. නමුත් එයාලා හැමදාම බලයේ ඉන්නවා. නමුත් දැන් ජනතාව ඇත්ත වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒගොල්ලෝ මහජන ධනය හොරකම් කරනවා, නාස්ති කරනවා, තමන්ගේ හත්මුතු පරම්පරාවට හම්බකර ගන්නවා. තමන් වටා ඉන්න මැරෑටියන්ට සලකනවා. එයාලා වටා ඉන්න දූෂිත වළල්ලක් ආරක්ෂාකර ගන්නවා. පාතාලය පෝෂණය කරනවා, කුඩු ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ, ඉල්ලන්නේ මෙන්න මේවායේ වෙනසක්. මේ රටේ ජනතාවගේ හදවතේ බුර බුරා නැගෙන වේදනාවේ, කෝපයේ සටන් පාඨය තමයි ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ.

රජයේ මුදල් විගණනය කරන විගණකාධිපතිවරයා පසුගියදා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ කියනවා ව්‍යාපෘති වෙනුවෙන් කෝටි ලක්ෂ අටක ණයක් අරගෙන තිබෙන බව. මේ අරගෙන තිබෙන ණය මුදලෙන් කොතරම් ව්‍යාපෘති කරලා තිබෙනවාද? ඒ ව්‍යාපෘතිවල වටිනාකම කොපමණද යන්න විගණනය කර තිබෙනවා. ණය වලින් කරලා තිබෙන ව්‍යාපෘතිවල වටිනාකම කෝටි ලක්ෂ දෙකයි. කෝටි ලක්ෂ හයකට සිදුවූයේ මොකක්ද? 25%ක ව්‍යාපෘති කරලා 75%ක් හොරාකාලා තිබෙනවා. භාණ්ඩාගාරයට ආපු ධනයයි මේ හොරකම් කරලා තියෙන්නේ. ඒ වගේම භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනයත් හොරකම් කරනවා. සීනි බදු වංචාව එහෙම එකක්. සීනි කිලෝ එකක බද්ද රුපියල් 50/-යි. එක රැයකින් එම බදු මුදල ශත 25ක් කළා. එක් හිතවත් ව්‍යාපාරිකයෙක් සිනී කිලෝවට බදු ශත 25 ගණනේ නිදහස් කර ගත්තා. නමුත් පරණ මුදලටම විකිණුවා. සීනි කිලෝ එකකින් 49.75ක් භාණ්ඩාගාරයට එන්න තිබුණ ධනය පුදගලයන් කිහිප දෙනෙක් අතට ගියා. විගණන වාර්තාවේ කියනවා අයථා විදියට රුපියල් කෝටි 1500ක් ව්‍යාපාරිකයින් හම්බ කළ බව.

මේ ළඟදි තිරිඟු පිටිවලටත් මේ වැඬේ කළා. ක්‍රම දෙකකට ප්‍රීමා ආයතනයත්, සෙරන්ඩිබ් ආයතනයත් පිටි ආනයනය කළා. කෙලින්ම තිරිඟු පිටි ආනයනයත් තිරිඟු ඇට ආනයනය කොට පිටි බවට පත්කොට වෙළඳපොළට යැවීමත් කරනවා. ජනවාරි මාසයේ ලෝක වෙළඳපොළේ පිටි මෙට්්‍රක් ටොන් එකක් ඩොලර් 535/-යි. ජුනි මාසය වන විට ඩොලර් 355/-යි. ජනවාරි මාසයේ ඩොලරය 365/-යි. ජුනි මාසයේ ඩොලරය 310/-ට අඩු වුණා. පිටි කිලෝ එකක් වරායෙන් බානකොට රුපියල් 110/-යි. ආනයන කරන පිටිවලට රුපියල් 35/ක බද්දක් ගැහුවා. ප්‍රවාහන ගාස්තු, ගබඩා කුලී, විකුණුම් ලාභය තබාගෙන පිටි කිලෝ එකක් රුපියල් 165/-කට දිය හැකියි. මෙසේ තිබියදී රනිල් වික්‍රමසිංහ පිටි ආනයනය තහනම් කොට ගැසට් එකක් ගැහුවා. දැන් ආනයනය කරන්නේ තිරිඟු ඇට පමණයි. ඇටවලට බද්ද කිලෝ එකට රුපියල් 3/-යි. ඇට ගෙන්වා අඹරා පිටි කිරිම ඉතාම ලාභයි. නමුත් ඇට ගෙන්වා හදන පිටි කිලෝ එක රුපියල් 210/-යි. පිටි කිලෝ එකකින් රුපියල් 50/-කට ආසන්න ලාභයක් ලබනවා. මාසෙකට පිටි මෙට්්‍රක් ටොන් 600ක් විකිණෙනවා. මේ ලාභය බද්දක් ගහලා භාණ්ඩාගාරයට ගත යුතුයි. නැතිනම් ජනතාවට පිටි අඩුමිලට ලැබිය යුතුයි. මේ ලාභය කොම්පැනි දෙකකට ගලාගෙන යනවා. ඒ අයගේ ගජ මිත්‍රයෝ. ඒ නිසා අපිට වෙනසක් ඕනෑ. මහජනයාගේ ධනය සොරකම් කරනවා වෙනුවට මහ ජනයාගේ ධනය පරෙස්සම් කරන දේශපාලනයක් ඕනෑ. අන්න ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයයි”

ඔහු පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan