*
Monday, September 30, 2024
spot_img

Latest Posts

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩකයන් තවමත් මඟ ?

නිසිකලට අවශ්‍යය කටයුතු සිදු නොකිරීම නිසා මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැඩි ගැටළු රැසකට මුහුණ පාන්නට සිදු වුණා.විශේෂයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විදේශ රටවල් දරන ආකල්ප හේතුවෙන් වීසා නිකුත් කිරීම් ප්‍රතික්ෂේප වූ අතර රාජ්‍ය මට්ටමෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත්ව එම ඉල්ලීම් කළත් යුරෝපා රටවල් ඊට එකඟතාවය පළ කර තිබුණේ නැහැ.අවසානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතියගේ මැදිහත්වීම ඇතුව ට්‍රිනිටෑඩ් ටොබෑගෝ වෙත යාම සඳහා වීසා ලබා ගත්තද,සමහර ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට නිසි වේලාවට සිය ඉසව් වෙත සහභාගි වන්නට හැකියාව ලැබුණේ නැහැ.
විශේෂයෙන් ඊයේ පැවති පිහිණුම් තරගවලදී මීටර් 200 නිදහස් ආර බාලිකා සහ බාලක තරග දෙකටම ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට නියමිතව සිටි දසිඳු හිමිසර සහ හිරුකි දහම්සා තරග ආරම්භයට වාර්තා කර තිබුණේ නැහැ.බිනුර තේෂාන් පමණක් මීටර් 200 නිදහස් ආර තරගය නියෝජනය කළ අතර ඔහු එහිදී වාර්තා කළ කාලය (2:00.82) සමස්ත තරග නිමාව සළකද්දී 29 වන ස්ථානයේ පැවතුණා.මෛ තරගයේ පදක්කම් ප්‍රදානය සිදු කළ අවසන් තරගයද ඊයේ පැවති අතර එය සත්කාරක ට්‍රිනාටෑඩ් ටොබෑගෝ හී බ්ලැක්මෑන් නිකොලි ජය ත්තේ විනාඩි 1:49.94 ක් දක්ෂතාවයක් දක්වමින්.
ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් තරග නියෝජනය කරන සමීන් මධුශාන් සහ මනුජ නිසල් පෙරේදා තරගවලට සහභාගි වුණේ ඔහුගේ පුහුණුකරු ගුවනේ සිටියදී යි.ඒත් දීර්ඝ ගුවන් ගමණකින් පසුව ප්‍රමාණවත් විවේකයක් නොමැතිවයි.ඔවුන් දෙදෙනා එම තරගයේදී සත්කාරක ට්‍රිනිටෑඩ් ටොබෑගෝ ක්‍රීඩක යුගය වූ මිගුවල් ජග්රීෆ් සහ මොරිසන් ජෙරම් ඉදිරියේ ලකුණු 21 -15 සහ 21 – 14 ක් ලෙස පරාජයට පත් වුණා.අනතුරුව මුණ ගැසුණ සයිප්‍රස් ක්‍රිඩක යුගලය ඉදිරියේ ඊයේ සිය දෙවන තරගය පරාජයට පත් වුණේ 21 -13 සහ 21 – 12 ක් ලෙසයි.සයිප්‍රසය නියෝජනය කළ සව්විදිස් ඇලෙක්ස්ට සහ මොර්ගන් රොබ්ට පරාජය වීමෙන් පසුව මධුශාන් සහ මනුජ අද එංගලන්තයේ සොක්ෂෙව්කා පීටර් සහ මොර්ගන් රොබ් ව හමුවීමට නියමිතව සිටිනවා.
ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා ඇති මලල ක්‍රීඩා ඉසව් අද ආරම්භ වන අතර එහිදී ජගත් යොවුන් ක්‍රීඩකයින්ට තරගයක් දිය හැකි මට්ටමේ සිටින අයෝමාල් අකලංක හෙට මීටර් 400 කඩුලු තරගය නියෝජනය කරන්නට නියමිතව සිටිනවා.


ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවද මේ ක්‍රීඩකයින්ට නිසි වේලාවට වීසා ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකිව යුතුයි.මෙයට ප්‍රධාන වශයෙන් මතු කර පෙන්වන්නට හදන කාරණය ක්‍රීඩකයින් විදේශ තරග සහභාගීත්වයන් තුළ පැන යාම වුව ද,මෙසේ පැනයම් වාර්තා වී තිබෙන්නේ ක්‍රිඩකයින් සම්බන්ධයෙන් පමණක් නොවේ.එම ලැයිස්තුවට මාධ්‍යවේදීන් ද ඇතුළත්ව තිබෙනවා.එසේම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යම් යම් වගකීම් සඳහා පිටත් කර යවන ලද වෙනත් වෘත්තිකයන්ද අතුරුදහන්ව තිබෙනවා.


රට ජීවත්වීමට නුසුදුසු තත්ත්වයේ පසුවන බැවින් මෙරට අතහැර යන වෘත්තිකයින් ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යන තත්ත්වයක පැන යාම යනු අහම්බයක් නොවන දේශපාලනමය වශයෙන් සහ ආර්ථික වශයෙන් බිඳ වැටුණු රටක මිනිසුන්ට අත් විඳින්නට සිදුවන ශාතිශය දුක් කම් කටොළු විසින් ඇති කර තත්ත්වයක් බව පිළිගත යුතු වෙනවා.එවැනි තත්ත්වයකට රට ගෙන ඒමට පුරවැසියන් ලෙස සියලු වැඩිහිටියන් සිය වගකීම ඉටු කර නොමැති වීම ගැන මේ අවුරුදු 15 පමණ කොළු පැටවුන්ට කෙළි පැටවුන්ට සමාවන්න යැයි කියන්නට මෙරට වැඩිහිටියන් ක්‍රියා කළ යුතු වෙන අතර ඔවුන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇත්තේ ද එම කණ්ඩායමේ සිටින වැඩිහිටි නිලධාරීන් බව කණගාටුවෙන් වුව කිව යුතු වෙනවා.
තමන්ට ලෝකයක් විශ්වාස නොකරන වැඩිහිටියන් සිටීම ගැන කම්පාව සමඟ නිසි වේලාවට තරගවලට පිවිසෙන්නට නොහැකි වු දරු පරම්පරාවක් යළිත් මේ රටට ආදරය කළ යුතුද යන්න මේ රටේ දේශපාලකයින් තමන්ගේ හදවතට තට්ටු කර අසාගත යුතු වෙනවා.එවැනි ගැටළුකාරී පොළවක් වැඩිහිටියන් විසින් උරුම කර තිබියදීත් ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩාවෙන් පැමිණ,ලෝකය හා තරග කරන්නට හැකියාව පෙන්වන දූ පුතුනට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.
ඡයාරූපයේ ඇත්තේ ශ්‍රී ලංකාව සහ ට්‍රිනිටෑඩ් ටොබෑගෝ වෙරළ වොලිබෝල් තරගයේ අවස්ථාවකි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan