ග්ලයිපොසේට් ආනයනය කිරීම තහනම් කරමින් පසුගිය යහපාලන රජය විසින් ගත් තීරණය ඉවත් කිරීමට නියමිත බව වාර්තා වේ. ග්ලයිපොසේට් තහනම ඉවත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් අද දිනය තුළදී නිකුත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිටත් අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා තිබෙනවා. අද දිනය තුළදී එම ගැසට් නිවේදනය නිකුත් කරනු ඇත.
2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ දැඩි මැදිහත්වීම මත ග්ලයිපොසේට් ආනයනය කිරීම තහනම් කෙරිණි.
ආණ්ඩුවේ නව තීරණය අනුව අගෝස්තු 05 වැනිදා සිට ග්ලයිපොසේට් ආනයනය යළිත් ක්‍රියාත්මක වනු ඇත.
UN