*
Friday, October 11, 2024
spot_img

Latest Posts

රනිල් වික්‍රමසිංහ සහ කුඩුකේඩු රාජපක්ෂලා – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) 

සී සී කඩ වීසි වූ පොහොට්ටුවේ කෑලි අහුලන, ගණන් කරන අතර ඇසිය යුතු රටක පැවතිය යුතු දේශපාලන මහත්තුරුකම් පිළිබඳ කතාවකි.

බණ්ඩාරනායකට වෙඩි තැබූ ආරංචියට ඔහුගේ ප්‍රතිවාදි සර් ජෝන් කොතලාවල වහා මහ රෝහලට දිව ගියේ ලෙන්ගතුකම නිසාය. 1971දී විජේවීරලාගේ අගමැති ඝාතන තැත සැලවී බලධාරින් දැනුවත් කොට බණ්ඩාරනායක මැතිනියට ආරක්ෂාව සැලසුවේ විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන විසිනි. විශිෂ්ඨයන්ගේ මහත්තුරු දේශපාලනය එහෙමය.

රට කඩා වැටෙමින් තිබියදී, ගෝඨා කැඳවූ සර්ව පාක්ෂික හමුවට සහභාගි වීම අනුර සජිත් දෙදෙනාම ප්‍රතික්ෂේප කළද, සුළු ජාතික මන්ත්‍රීන් සහ රාජපක්ෂලාගේ ප්‍රතිවාදියාවූ රනිල් වික්‍රමසිංහ කොන්දේසි විරහිතව ඊට සහභාගි විය. සමුළුව ආරම්භයේම අජිත් නිවාඩ් කබ්රාල් ආර්ථිකය බිඳ වැටීමේ වරද, පැරණි පාලකයන්ට බැර කිරීමට සැරසෙත්ම තමා පැමිණියේ රජයට සහාය වීමට මිස, දේශපාලන කතා ඇසීමට නොවේ යයි කියා සිටි රනිල් ගෙන් ජනාධිපති ගෝඨාභය ප්‍රසිද්ධියේ සමාව ගැනීමෙන් පැවති පාලකයාගේ හයියත් රනිල්ගේ  ශක්තියත් පැහැදිලි විය. මේ සාරංශ කළේ රටේ පොදු ගැටළුවකදී දේශපාලන මහත්තුරුන්ගේ හැසිරීමය. ඒ කිසිදු අවස්ථාක මහත්තුරු පක්ෂ පාට අනුව වගකීමෙන් මඟ යැර ගියේ නැත. ගෙවුණ දෙ අවුරුදු කාලය පුරා රට ගොඩ ගැනීමට එක්ව වැඩ කරමු කියා විපක්ෂයට ඍජුව රනිල් යෝජනා කළේ එ වැන්නක් විය යුතු නිසාය

සහාය කෙසේ වුවද, ගෙවී ගිය දෙ වසර පුරාම, විපක්ෂය සිය වෘත්තිය සමිති මෙහෙයවමින් අඛණ්ඩව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම, පාසල් අධ්‍යාපනය විශේෂයෙන් විභාග ක්‍රියාවලිය අඩපන කළහ. ඒ දුෂ්කර අවස්ථාවේ රනිල්ට ශක්තියක් වූ රාජපක්ෂලා රටේ බලය යළි ඇල්ලීමට මුලින්  දිනේෂ් ගුණවර්ධනගේ අගමැති තනතුර ඉල්ලා සිටියහ. ජනාධිපති වික්‍රමසිංහ ඊට විරුද්ධ වූ අවස්ථාවේ සාගර කාරියවසම් රටේ ජනාධිපති තනතුරද රාජපක්ෂලාට අවශ්‍ය බවට රනිල්ගේ මූනටම කී කතාව රහසක් නොවේ. නාමල් රාජක්ෂ, අපට වැරදුණා පක්ෂ කැඩුවා රනිල් ද්‍රොහි වුණා කියන්නේ මේ නිසා ය. රට බේරා ගත්තා කියන රාජපක්ෂලාගේ බත් මුහුණ රටම නරඹමින් සිටින්නාහ. මේ වනවිට රටේ සිද්ධ වෙන්නේ රටට අවශ්‍ය දේ මිස රාජපක්ෂලාගේ පවුලේ උවමනා පිරිමැසීම නම් නොවේ.

අතුකෝරාළ මන්ත්‍රී වරයා මහ මගදී සතෙකු මෙන් පහර දී මරා දැමූ මැයි 9 වෙනිදා රට පුරා පොහොට්ටුවට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ දේපල ගිනි බත් වෙද්දී රාජපක්ෂලා දරු පවුල් සමග නැව් නැගී තම ජීවිත බේරා ගත් බව ඔවුන්ට මතක නැත. වසර දෙකක් ගතවූ අද දවස රාජපක්ෂලාගේ බල සෙනග අනතුරක් කරදරයක් නැතිව කල් ගෙවන්නේ රනිල් වික්‍රමසිංහ නිසාය. මෙවන් පසුබිමක නාමල් හිතන්නේ පාර්ලිමේන්තුවේ 134ක් දෙනා තෝරා පත් කළ රනිල්, සිය ගත කළ කෙටි දේශාපලන නිවාඩුව හමාර වී ඇති හෙයින් තමන්ට ඉඩ දී නම්බු පිටින් ගෙදර යා යුතුය කියාය.  

එහෙත් රාජපක්ෂ කඳවුරට මෙන්ම රටේ ජනතාවටද ජීවිත ආරක්ෂාව සලසමින් රටේ ආර්ථිකය ජන ජීවිතය යථාවත් කළ ආකාරය  ගැන රාජපක්ෂලාට අවබෝධයක් නැත. කිසි සේත් සිද්ධ නො විය යුතු බංගලා දේශ් විනාසය, ලංකාවේ සිද්ධ නොවුණේ රනිල් 2022 දී රට භාර ගත් නිසාය. ඒ මහා විනාසය රට තුළ සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහය බිඳ වැටුණ හැටි ලාල්කාන්ත ප්‍රසිද්ධියේ කියා තිබේ.

පවුලක මැටි මෝල් තීරණ නිසා විනාස වූ රට යළි ගොඩ ගෙන ආර්ථිකය ශක්තිමත් කළ රනිල් වික්‍රමසිංහ, හැකිනම් කනින් ඇද එළියට විසි කරන්නැයි රටේ සාමාන්‍ය ජනතාව නාමල් රාජපක්ෂට අභියෝග කරනු කරමින් විතැන් වූ ශ්‍රී ලාංකේය විශිෂ්ඨ ප්‍රජාතාන්ත්‍රික මහත්තුරු දේශපාලනය යළි රටට කැඳවන නිදහස් වේදිකාවට එක් වෙති. ප්‍රින්ස් ගුණසේකර නම් විශිෂ්ඨ ප්‍රගතිශීලියා 1974දී වාමාංශීක එක්සත් පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ධනපති ජේ.ආර්. සමග තනිව ගෝල්පේස් පිටියට පැමිණ රටට සිදු කළ  විනාසය පිළි ගත්තේය. අභාග්‍යයේ  බෙහෝ කළු වලා හරහා නිකුත් වන රිදී රේඛා මානව ඉතිහාසයට ලබා දුන් ක්ෂණික ආලෝක ධාරා බොහෝය. තමන් තෝරා පත් කළ රාජපක්ෂලාට ශක්තියක්වූ බොහෝ  දේශපාලනඥයන් තෝරා පත් කළ සාමාන්‍ය පාක්ෂිකයන් කළ යුත්තේ කුමක්දැයි මැති ඇමතීන්ට කියා දීම ආකර්ශණීය බෙහෙවින් ආකර්ශණීය වේ. බලය කියන්නේ  වගකීමක් මිස තර්ජනාත්මක මංකොල්ල කෑමක් හෝ රැවටිල්ලක් නොවේ.

ලිපිය ආරම්භයේ විස්තර කළ අතීත ලාංකේය අත්දැකීම් ජාතික අපහසුවක් ආරවුලක් හමුවේ රටක් ක්‍රියා කළ යුතු පිළිවෙල ඉතිහාසයෙහි සටහන්වී  තිබේ. 2020-2022 ඛේදනීය කඩා වැටුණේ සාර්ථක රනිල්ගේ පාලනය නිසා නොවන බව රහසක් නොවේ. එහෙත් බංගලාදේශ භූමිය අත් විඳි ඉරණමේ හොල්මන් ලංකාවේද පැවති බව රනිල් උපන් නිවෙස නිවෙස ගිනිබත් කිරීමෙන් තහවුරු වේ, රනිල් වික්‍රමසිංහ පැවති දාමරිකත්වය යටපත් කිරීමට පියවර ගත්තා මිස, කුඩුකේඩු රාජපක්ෂ පවුල මෙන් නාවික හමුදාවේ නැවක  සැගවී පන බේරා ගැනීමට කල්පනා නො කළ බව දන්නා එක් කෝටි හැත්තෑ ලක්ෂයක් රටේ ජනතාව දනිති

2001දී ජී.එල්.පිරිස් එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධනලා, විධායක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක අතහැර රනිල්ගේ නායකත්වය පිළි ගන්නා තරම් දේශපාලන විධග්ධයෙකි. ඒ කාලයේ මහින්ද රාජපක්ෂ යනු චන්ද්‍රිකාගේ ඇමතියෙක් පමණකි. චන්ද්‍රිකා විනාස කළ රටේ ආර්ථිකය එ වරද රනිල් දෙවසරකින් යථා තත්වයට පත් කළේය. 2004දී රනිල්ට චන්ද්‍රිකා කො තරම් බිය වීද යත් සැමියා මැරූ ජවිපෙත් සමග සමගි ආණ්ඩු ගසන තරමට රනිල් හමුවේ දුර්වලව බිය වී සිටියාය.  

2005 ජනාධිපති මැතිවරණයේදී සිය ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ බව ඇසූ මහින්දලාගේ දේශපාලන සෞඛ්‍යද කො තරම් අයහපත් ද යත් මහින්ද, දකුණේත් උතුරේත් කු ප්‍රකට තවක්කු කල්ලි දෙකේ සහාය ලබා ගත් නමුත් මහින්දට ලැබුණේ පෙරේත පාදයේ චන්ද ප්‍රතිපලයකි. ප්‍රභාකරන්ට කප්පම් දී උතුරේ ඡන්ද දායකයන් නතර කිරීමට ප්‍රභාකරන් මහින්ද එකතු කළ මංගල සමරවීරට සහ ශ්‍රීපති සූරියාරච්චිට දොර පෙන්වූ මහින්දගේ    උතුරේ ජයග්‍රහණය වෙනුවෙන්තිස් ලක්ෂයක් උතුරේ ඡන්ද නිවෙස්වල සිර කරවූ ප්‍රභාකරන්ද, විනාස කළේය. මේ අකෘතඥතාවය රටේ බහුතරය දුටුවේ රට ගලවා ගැනීමක් හැටියටය. එහෙත් 2010 ඡන්දයේදී පවා මැතිවරණ කොමසාරිස් සහ දරු පවුල දින දෙකක් සඟවා තබන තරමට රාජපපක්ෂලාට සිය ජයග්‍රහණය ගැන විශ්වාසයක් නො වීය. රනිල්ට 2022 මැයි මස රාජපක්ෂලාට අහිමි වූ රටේ අගමැතිකම ජූලියේ දිනේෂ්ට ලබා දුන්නේය. දිගු කලක් රාජපක්ෂලාට ශක්තියක් වූ දිනේෂ් ගුණවර්ධනද මේ සංසිද්ධියේදී සිටින්නේ රාජපක්ෂලාගේ දන් ගෙඩියේය. රාජපක්ෂලාට ජීවිත දානය ලබා දෙමින් රට ගොඩ නැගූ රනිල් දිනේෂ්  දෙදෙනා මෙසේ විසි කරයි නම් තමන්ට කුමක්වේදැයි මැදමුලනට කඩේ ගිය කාට කාටත් සිතුනොත් එය මනුස්සකම  මිස ද්‍රෝහිකමක් නොවේ.

අද ජනාධිපති වික්‍රමසිංහට නින්දිත භාෂාවෙන් අමතන සමාජ මාධ්‍ය ජාල ඔහුගේ පරම්පරා නාමය රාජපක්ෂ ලෙස විකෘති කරන්නේ රාජපක්ෂලාව අමරකිර්ති අතුකෝරළට අත්වූ ඉරණමට ගොදුරු වීමට ඉඩ නොදී ආරක්ෂා කළ නිසාය. ඊට රාජපක්ෂලා දක්වන ප්‍රතිචාරය තුළ මනුස්සකමක් ගෑවිලාවත් නැති බව යළි පවුලේ බලය යළි ඒකරාශි කිරීමේදී ජනාධිපති වික්‍රමසිංහට අකෘතඥයා කීමෙන් තහවුරු වේ. අප්පලා පුතාලා කරේ එල්ලා ගත් සාටක පාවිච්චි කරන්නේ සහාය දුන් මිනිසුන්ගේ බෙලි සිර කිරීමටය. තමන් සමග දේශපාලනය කළ නීතිඥ විජේදාස ලියනාරච්චි ආරක්ෂක අංශවලට කොටු කළේ කවුරු විසින් කාගේ උවමනාවටද බව ගිරුවා පත්තුවේ ජනතාව දනිති.

රුහුණේ වීරයා වෙමින් රාජපක්ෂලාට ශක්තියක් වූ ඩී.එම්. රාජපක්ෂ පවුලට මැදමුලන පවුල දැක්වූ ගෞරවනීය ලෙන්ගතු භාවය, ඩී.ඒ.රාජපක්ෂ මිහිදන් කිරිමත් සමග වළලා දැමීමට මහින්දලා ක්‍රියා කළ බව මාගම් පත්තුව දනිති. ගෙවුණ තිස් අවුරුදු රාජපක්ෂ යුගයේ රට පුරා මැදමුලන රාජපක්ෂලා තැන තැන පැළ කළද ඩී.එම්. රාජපක්ෂගේ මිනිබිරිය නිරූපමා රාජපක්ෂට දේශපාලනයේ දොර වැසීය. මැදමුලන රාජපක්ෂලා බලය වාසිය වෙනුවෙන් හැසිරෙන්නේ එහෙමය. ගොවීන්ට ආදරේ නම් ඔවුන් චීනයෙන් ගොවිතැන සඳහා අසූචි පොහොර ගෙන්වන්නේ නැත. අනුරාධපුරේට ඡන්න ජයසුමන, ගම්පහට නාලක ගොඩහේවා, කොළඹට සරත් වීරසේකර දැම්මේ ඇයි කියලා චන්ද්‍රසේනලා ප්‍රසන්නලා වීරවංශලා ගම්මන්පිලලා ගෙන් අසා දැන ගත හැකිය.

මේ දේශපාලන භාවිතයතුළ මැද මුලන අප්පලා පුතාලාට රනිල්ලා දිනේෂ්ලා රම්පේ කරපිංචාවත් නො වීම ගැන පුදුමයට කරුණක් නොවේ. මේ කැතකම් පොහොට්ටුවේ සගයන් නො දැන සිටියා නොවේ. රට පුරා රනිල් සඳහා ගොඩ නැගෙන නිහඬ සහායට සමගාමීව කෑලි වී ගිය විපක්ෂය සිය පරම සතුරා ලෙස රනිල් හඹා යමින් සිටිති. රනිල්ව බැංකු හොරා කළේ රාජපක්ෂලාය. දෙවනුව රනිල් රාජපක්ෂ විය. පොහොට්ටුව දෙදරා යද්දී විපක්ෂය කියන්නේ රනිල් වෙත කැඩී එන්නේ පොහොට්ටුවේ හොරුන් පමණක්  බවය. මේ අනුව රනිල් වෙත නො පැමිණී නාලක ගොඩහේවාලා චන්න චන්න ජයසුමනලා මැද මුලන බෝ මැඩදී සෝවහන් වූවෝ වෙති. මේ සුද්ධවන්තයන් අතර මහින්ද බැසිල් නාමල්ද වේ. 

රාජපක්ෂ දේශපාලන ඉතිහාසය සහ අනාගතය !

ගිය සතියේ දේශීය ආදායම් බදු ලොක්කන් කිහිප දෙනෙකු රාත්‍රි සාදයකට එක්ව සිටියහ. එහි සිටි බහුතරයක් සහකාර කොමසාරිස්වරු මාලිමාවේය. දැන් රටේ හොරුන් ගෙන් බහුතරයක සහාය රනිල් බව පුන පුනා කී එක් සහකාර කොමසාරිස් කෙනෙක් කාටත් මහත් කරදරයක් විය. 

“දැන් අපි මොකද මේකට කරන්නේ…. වැඩිහිටි ජ්‍යෙෂ්ඨ කොමසාරිස් කෙනෙක් විමසීය. 

“අපි මේකා පරද්දන්න ඕනැ… 

“ඉතින් රටේ හැට නව ලක්ෂයක් දෙනෙක්ම හොරු නිසා රනිල් තමයි දිනන්නේ. 

“නෑ පොහොට්ටුවත් එක්ක හිටිය ලක්ෂ පනහක් ඉන්නේ අපිත් එක්ක… 

“එතකොට රනිල් ළඟට ගියාම විතරද හොරු වෙන්නේ…. අර මාලිමා වාචාලයාට උතුර දකුණ මාරු වී බලා සිටියේය.

“සර් ඔහොම ගොන් කතා කියන්න එපා. මේ වාචාලයා සිටියේ බී මතිනි. 

“මොකද මම තවත්  ගොන් කතාවක් මම කියන්න යන්නේ 

“ ඒ මොකක්ද 

“ඒක බරපතල රහසක්.. 

“මොකක්ද සර්… මාලිමා කාරයා සිටියේ අවුලකය.

“මෙතන ඉන්න අය මේ රහස දන්නවා. රටේ බදු ආදායම අඩු වුණේ දෙසිය විසි පහක් හොරකම් කරපු නිසා නොවේ. අපි හරියට බදු එකතු නො කරපු නිසා. අපි මේ කන්නේ බොන්නේත්  බදු අය නොකර සිටියාට ලැබෙන සුළු පාරිතෝෂිකයක් හැටියට. මට දේශපාලනයක් නෑ. මමත් හැමදාම ඡන්දෙ දුන්නේ රාජපක්ෂලාට. හේතුව මාත් දකුණේ නිසා. මම නම් කළ මෝඩකම් තේරුම් අරන් ඉන්නේ අපි හරියට වැඩ කරමු. අපි වැඩ නො කර ආණ්ඩු පෙරළලා රට හදන්න බැහැ. සාදය සංවිධානය කළ බදු උපදේශකයන් අත්පොළසන් දුන්හ.  

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
[email protected]

Theleader.lk

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan