අශෝක ජයතුංග
වොෂින්ටන් DC LNW :
🍎සැප බස් නැව් ගණන් ලංකාවට බැස්සවූ කොලු ව්‍යවසායකයා නිකිත…..!
🍎ලාංකික මැද පංතියට ඉංග්‍රිසි උගන්වා ඉහළට එසවූ මොහාන්ලාල් ග්‍රේරු හා කුමාරි…..!
🍎අනුන්ගේ බස් වලින් ලකුණු දාගන්නට දැගලුවෝ කවුද…..?
ලොරි චැසි මත බොඩි ගැසූ බස් වලින් වසර 76 ක සාපය තුළ මිනිස්සු අල ගෝනි මෙන් ඇදපු අමනුස්ස පාළනය නිමවේ.ඒ වෙනුවට බිහිවූ මනුසත්කම පිරුණ මාළිමා පාළනය ජනතාවට සැප බස් ගෙනැල්ලායි මාස 03 කට පෙර නිල් පැහැති අති සුඛෝපභෝගී බස් පෝළිමක් පෙන්වමින් බුකිය සසල කළේ මාළිමා හිතවතුන් හා ඩෝබිලා වන්නට ඇත.
නිල් පැහැ සැප බස් පෝළිමක් හයිවේ එකක යන වීඩියෝ ද ප්‍රදර්ශනය වුහ. ඒ ගැන සොයා බැලූවිට පසක් වූයේ එම බස් රථ ආණ්ඩුවෙන් නොව ඊට වසර එකහමාරකට පෙර ඇනවුම් කොට එක්තරා සමාගමකින් ගෙන්වූ බවය. ඒ ගැන ජනතාව දැනුවත් කරන්නට පුවත පළකල විට ඩෝබිලා කුණු හරුපෙන් ඊට ප්‍රතිචාර දක්වන්නට වූහ. එම සමාගමේ ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් පෙන්වන ලෙස කී මෝඩ ඩෝබිලා ද සිටියහ.
මීට සති දෙකකට පෙර එම සමාගමේ ප්‍රධානීන් රට අමතා තම බස් ව්‍යාපාරයේ නවතම බස් රථ ගැන හා සමාගමේ අරමුණු පැහැදිලි කළේය.
සමාගමේ ප්‍රධානියා නිකිත ග්‍රේරු නම් කොලු ගැටයාය. ඔහු මෙරට කීර්තිමත්ම අධ්‍යාපනඥයෙකු වන මොහාන් ලාල් ග්‍රේරු හා කුමාරි ග්‍රේරු යුවලගේ පුත්‍රයාය.මෙරට දරුවන් 25,000 කගේ අනාගතය බාරගත් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෲවරු ඔවුහුය. ඉහල හා පහළ පංතියෙන් මෙන්ම ආර්ථික අසමතුලිත බවින් පෙළෙන ලාංකික මධ්‍යම පංතියට ඉංග්‍රිසි හා ලොව නවීනතම අධ්‍යාපනයෙන් සන්නද්ධ කොට එම දරුවන් ඉහළ පංතියට හා ජාත්‍යන්තරයට ගෙනයාම ග්‍රේරු පවුලේ අරමුණ විය. එය හිතුවාටත් වඩා සාර්ථක කර දෙන්නට ඔවුන් සමත් වූ බව දැන් නොරහසකි. ලයිසියම් නාමය ඉහළ අධ්‍යාපන, ක්‍රීඩා හා විනය ගත් කල ඉහළින්ම වැජඹෙන්නේ ඒ තුළය.
ඔවුන්ගේ පුත් නිකිත දෙස් විදෙස් හි ඉහළ අධ්‍යාපනයක් ලබා ව්‍යවසායකයෙකු වන්නට තෝරාගත්තේ බස් කර්මාන්තයය. ග්‍රේරු යුවල ඊට අකමැති වුවද නිකිත වැඩේ අතහැරියේ නැත. ඔහු පළමු බස් රථය ගත්තේ ෆිනෑන්ස් කරලාය. ඔහු එහි ඩ්රයිවර්කම මෙන්ම කොන්දොස්තරකම ද කළේ හොදම කට්ටක් කමින් තෙම්පරාදු වෙමිනි.
සාමාන්‍ය බස් රථ රැසක් ඔහුගේ අයිතියට ආවේ සිදුකල එම කැපවීම තුළය. NCG Express එම සමාගමය. ඔවුන් සතුව නවීන අති සුඛෝපභෝගී හා සාමාන්‍ය බස් රථ 200 කට වඩා දැන් තිබේ. 2023 දී ඇනවුම් කොට මෑතක දී ලංකාවට පැමිණි එක් සුඛෝපභෝගී බස් රථයක් රු ලක්ෂ 550 ක් පමණ වේ. මෙම බස් රථ සංචාරකයන් හා ඇනවුම් කරන ලාංකිකයන්ට ද පාවිච්චි කිරීමේ පහසුකම් සලසා තිබේ. තවද නවතම ප්‍රවාහන ආකෘතියක් ලංකාව තුළ දියත් කිරීම ද එම සමාගමේ අරමුණය.
