යුක්රේන ධාන්‍ය අපනයනය සඳහා නැව්ගත කිරීමට සූදානම්

Date:

යුක්රේන ධාන්‍ය අපනයනය කිරීම සඳහා අවශ්‍ය නැව්ගත කිරීම්වලට අදාළ ක්‍රියාපාටිපාටි නිකුත් කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්, තුර්කිය, රුසියාව සහ යුක්රේනය ඒකාබද්ධව මෙම ක්‍රියාපටිපාටි නිකුත් කර තිබේ.

ඒ අනුව, කළු මුහුද හරහා යුක්රේන ධාන්‍ය සහ පොහොර අපනයනය කරන වෙළඳ නෞකා සඳහා අදාළ ක්‍රියාපටිපාටි ඊයේ දින (08) දින නිකුත් කර ඇති අතර, එකී වෙළඳ නෞකා කිසිවකට ප්‍රහාර දියත් කිරීමට උක්ත එකඳු පාර්ශවයක් හෝ කටයුතු නොකළ යුතු බවට එකඟ වී ඇත.

මෙම මුලපිරීම සඳහා යෙදී සිටින වෙළඳ නැව්, හෝ වෙනත් සිවිල් යාත්‍රා සහ වරාය පහසුකම් කිසිවකට එරෙහිව කිසිඳු පාර්ශවයක් විසින් කිසිඳු ප්‍රහාරයක් සිදු නොකරන බවට එකී ක්‍රියාපටිපාටිය හරහා එම පාර්ශව එකඟ වී ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇතිවූ යුධ තත්ත්වයත් සමඟ යුක්රේනයේ අපනයන කඩා වැටීමට තුඩුදුන් බවට රුසියාවට චෝදනා එල්ල වූ අතර, එය ගෝලීය වශයෙන් මතුව ඇති ආහාර අර්බුදයට මුල පිරූ බවට විග්‍රහ ඉදිරිපත් වී තිබිණි.

කළු මුහුද හරහා ප්‍රවාහනය කළ යුක්රේන අපනයන යළි ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් තුර්කිය, රුසියාව සහ යුක්රේනය එකඟතාවයකට පැමිණි අතර, එකී රටවල නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඉස්තාන්බුල්හි පිහිටි ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් (Joint Coordination Centre: JCC) විසින් මෙම ක්‍රියාකාරකම් අධීක්ෂණය කරනු ඇත.

මෙම එකඟතාවයට අනුව, සමුද්‍ර මානුෂීය කොරිඩෝව හරහා සැලසුම්ගත නැව් ගමනාගමනය පිළිබඳ තොරතුරු මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සපයනු ලබන අතර, එම ක්‍රියාන්විතයන් අතරතුර සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා එකී රටවල් වල හමුදාව කැපවී සිටී.

ඒ අනුව, මෙම කලාපයේ ගමන් කරන වෙළඳ නෞකාවක සිට නාවික සැතපුම් 10 ක සීමාව තුළ කිසිඳු යුධ නෞකාවක්, යුධ ගුවන්යානයක් හෝ යුධ ඩ්‍රෝන යාත්‍රාවක් ගමන් කළ නොහැකි බව අදාළ ලේඛනයේ සඳහන්.

ඡායාරූප: අල් ජසීරා

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...