ලංකාවෙයි අපෙයි වැඩවලට අත දාන්න එපා – චීනය ඉන්දියාවට කියයි

Date:

හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිත චීන නෞකාව හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර අර්බුදයක් මතුව තිබෙනවා. අදාල නෞකාව පැමිණීම තම රටට බරපතල තර්ජනයක් බවයි ඉන්දීය රජය පවසන්නේ.

අගොස්තු 11 වැනිදා මෙම නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිතය. කෙසේ නමුත් මෙරට රජය චීනයෙන් ඉල්ලා තිබෙන්නේ නෞකාවේ පැමිණීම ප්‍රමාද කරන ලෙසයි. ඉන්දීය බලපෑම හමුවේ මෙම ඉල්ලීම සිදුකර ඇති බවද වාර්තා විය.

මේ සම්බන්ධයෙන් චීන රජය නොසතුට පළකර ඇති අතර එරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාවලට බලපෑම් කිරීමට ඉන්දියාවට කිසිදු අයිතියක් නොමැති බවයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාවය ස්වාධීනව සිදු කරන්නක් බවත් එය වෙනත් කිසිදු තෙවැනි පාර්ශ්වයක් ඉලක්ක කර නොගන්නා බවත්ය.

මෙනිසා ශ්‍රී ලංකාව පීඩනයට පත් කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය ඉන්දියානු රජය වෙත අවධාරණය කර සිටිනවා.

ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් වන බැවින් තමන්ගේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් කැමති ඕනෑම රටක් සමග සබඳතා වර්ධනය කර ගැනීමේ අයිතිය ඔවුන් සතුවන බවද චීනය වැඩිදුරටත් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...