මෑත කාලීනව ඉන්දියාව විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි වඩාත් බමුණු මතවලින් බැහැරව වඩාත් මානුෂික සහ විද්‍යාත්මක මුහුණුවරකින් බලන්නට පටන් ගෙන ඇත. සමාන ලිංගිකයන් අතර බැදීම වාතයක් නොව ප්‍රේමයක්ම බව අවබෝධ කර ගන්නට සමත් මට්ටමට දියුණු වෙමින් තිබෙන ඉන්දියාවේ සමලිංගික සබඳතාවයක් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යන දුඨී චාන්ද් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී තම අනන්‍යතාවය ප්‍රසිද්ධ කරමින් දේදුණු වර්ණ කොඩියක් සමඟ පෙනි සිටියාය.
එය ඉන්දීය මාධ්‍යය ද ඉහළින් අගය කරනු විනා සමාජය පරණ මානවීය සහ විද්‍යාත්මක අවබෝධයෙන් පරණ නාරා වලට ඇඳ දමමින් ආකර්ශණය දිනා ගන්නට වෑයම් නොකළේය. දුඨී ඉන්දියාව සතු ප්‍රබලම කෙටි ධාවන සූරිය වන තඅර ඇය එරට වේගවත්ම ක්‍රීඩිකාව ලෙස මීටර් 100 ඉසව්වේ ජාතික වාර්තාවද දරන්නීය.එය තත්පර 11.17 කි.
දුඨි තමන්ගේ සමලිංගික බැදීම ප්‍රකාශයට පත් කළේ 2019 වසරේදිය.දුඨි ඇය සමඟ හොඳ යහපත් සබඳතාවයක් සහිතව ජීවිතය ගෙවන බව කීවා විනා ඇය ප්‍රසිද්ධ කරන්නට සහ තොරතුරු කියන්නට දුඨී අකමැති විය. 2019 වසරේදී දුඨිට වයස 23 ක් වූ අතර ඇයගේ සහකාරියටවයස 19 ක් පමණක් බව පවසා ඇත.
එසේම ක්‍රීඩා උළෙල පැවති බරමින්ග්හැම් හි පවතින ප්‍රයිඩ් හවුස් නම් වන විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවගේ මධ්‍යස්ථානය, මෙවර ක්‍රීඩා උළෙලට එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතළිහක් පමණ පැමිණි බව ස දහන් කර තිබුණා.එය ගෝල්ඩ් කෝස්ට් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සම්බන්ධයෙන් සළකා බලද්දී එහිදී හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වූ තිදෙනාගේ විශාල වැඩිවීමක්.
මේ ආකාරයට ඉදිරිපත් වීම හරහා පෙන්නුම් කරන්නේ ඔවුන් සිය අනන්‍යතාවය සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට කුළු ගැන්වෙන්නේ නැත්තේ කුමන විනාශයන් ගැන කතා කරාද මිනිසුන් විද්‍යාත්මක අවබෝධ කර ගන්නා කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවයි..නම් සඳහන් කරමින් ඒ ආකාරයට ඉදිරිපත් කර තිබූ නාම 37 දෙනෙකුගේ ලේඛණයට ඒ ඒ ක්‍රීඩාවේ සමරිසි පුද්ගලයන් කොපමණක් සිටියාද යන්න වර්ග කළ විට පහත ආකාරයට දැක්වෙනවා.
ක්‍රිකට් – 10, මලල ක්‍රීඩා – 06,සත් සාමාජික රගර් – 05,රෝද පුටු පැසි පන්දු – 03,හොකී – 02,නෙට්බෝල් – 02,බැඩ්මින්ටන් – 02,ස්කොෂ් – 02,බොක්සිං – 01,මල්ලව පොර – 01,ඩූඩෝ – 01,පිහිණුම් – 01 සහ පැරා මලල ක්‍රීඩා 01 ලෙස එම සාමාජිකයන් ඒ ඒ රටවලට බෙදී යනවා.
RM