රජයෙන් කිසිදු බලපෑමක් නෑ, පෞද්ගලික හේතූන් මත තානාපති ධුරයෙන් ඉල්ලා අස් වුණේ – මහින්ද සමරසිංහ

රෂිකා හෙන්නායක අගෝස්තු 09 , කොළඹ LNW :

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තමා සක්‍රීය දේශපාලනයට යළි පිවිසීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

වසර පහකට ආසන්න කාලයක් තානාපති ධුරය හෙබවූ ඒ මහතා, පෞද්ගලික හේතූන් මත එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් ඒ සඳහා රජයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවූ බවත් අවධාරණය කළේය.

සිය සේවා කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමටත් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමටත් ඔහු සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබේ.

දේශපාලනයෙන් සමුගත්තද, ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් රජය ඉල්ලීමක් කළහොත් ඒ සඳහා සහය වීමට තමා සූදානම් බව ඔහු මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

වසර 27ක දීර්ඝ දේශපාලන අත්දැකීම් ඇති ඔහු, පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටීමටද තීරණය කර ඇත. සමරසිංහ මහතා ඉටුකළ මෙම විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික සේවය මහා සංඝරත්නයේ ඇගයීමටද ලක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...