සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැයට කිලෝමීටර් 162ක් පමණ දක්වා වේගවත් සුළං සහ ධාරාණිපාත වර්ෂාපතනයක් සමඟ එන ‘ඩොල්ෆින්’ චණ්ඩ සුළි කුණාටුව ජපානයේ ඔකිනාවා ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල කිරීමෙන් අනතුරුව චීනයේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරමින් පවතී.
කුණාටුව හේතුවෙන් ඔකිනාවාහි පුද්ගලයන් හයදෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 50,000කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇනහිට තිබේ. ගුවන් ගමන් රැසක් ද අවලංගු කර ඇත.
චීන කාලගුණ බලධාරීන් Zhejiang, Shanghai ඇතුළු ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයෑම් අවදානමක් ඇතිවිය හැල්ස් බවට අනතුරු අඟවා ඇති අතර කුණාටුවට මුහුණදීම සඳහා චීනයේ මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, ගුවන් ගමන්, තොටුපළ සහ ප්‍රවාහන සේවා රැසක් අත්හිටුවා තිබේ.

