ගොවිජන සම්මේලනයේ පෙත්සම මානව හිමිකම් කොමිසම හමුවේ විභාගයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පසුගිය 07 වැනිදා ගොනුකරනු ලැබූ පෙත්සම අද (09) දින පෙ.ව. 11.30  මානව හිමිකම් කොමිසම හමුවේ විභාගයට ගනු ලැබූ අතර එහිදී කරුණු දැක්වීම සඳහා කෘෂිකර්ම, වාර්මාර්ග සහ විදුලිබල යන අමාත්‍යංශ වල ඉහළ නිලධාරීන් කැඳවා තිබිණි.

වගාවට අවශ්‍ය ජලය මුදා නොහැරීම කටයුතු කිරීම  හේතුවෙන් මේ වනවිට වී ගොවිතැන විනාශයට පත්ව ඇති ආකාරය පිළිබඳවත් ඊට මැදිහත් නොවීම පිළිබඳවත් මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මානව හිමිකම් කොමිසමේදී කරුණු දැක්වූ අතර එහිදී ගොවි ජනතාවට වැරැද්දක් සිදු වූ බවත් මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීමට වගබලා ගන්නා බවත් මානව හිමිකම් කොමිසම හමුවේ ඊට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් පවසා ඇත.

වගා විනාශ වී තිබෙන ගොවීන් පිළිබඳවත් ඔවුන්ට කඩිනමින් වන්දි ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් මානව හිමිකම් කොමිසම  කෘෂිකර්ම, වාර්මාර්ග සහ විදුලිබල යන අමාත්‍යංශ වල ඉහළ නිලධාරීන්ට මෙහිදී නියෝග කරනු ලැබීය. තවද මේ සම්බන්ධයෙන් වන වාර්තා එළඹෙන 16 වැනිදාට පෙර කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසද මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගන්නා ලෙසද මානව හිමිකම් කොමිසම විසින් දැඩිව අවවාදයක්ද අමාත්‍යංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් වෙත සිදුකරනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කරට කර සටන් කිරීමේ හැකියාව තබා ගෙන අන්ත විදිහට පැරදීම

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: අවුරුදු 24 න් පහළ...

ඉන්දියාව තම ඩයස්පෝරාව නිහඬ කිරීම සඳහා ආගමන පාලනය ආයුධයක් ලෙස භාවිතා කරන බවට චෝදනා

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව තම...

ගෝර්යෝ අධිරාජ්‍යයට පාර කියන “Blood Moon” ඊයේ දිනයේදී දිස් වූ අයුරු LNW ඇසින්!

සටහන - පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): ලොව පුරා සිටින...