ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරනවා – ධීවර රාජ්‍ය අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “ස්ථාවර රටකට – සැවොම එක මඟකට” මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්  ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසූවේ , ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාමට තම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවයි.

තවද, රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් ආර්ථික අභියෝග ජයගනිමින් රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට ධීවර අමාත්‍යාංශය පුළුල් දායකත්වයක් සපයමින් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සහාය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගතයුතු බවත්, වසර 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට නම් සියලුදෙනා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...