*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් කමිටු හෙළිදරව්වක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු සන්නිවේදන අංශ වාර්තාවට අනුව , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිදරව් වී ඇත.

කෝප් කමිටුව නිර්දේශ කර ඇත්තේ , ඊට අදාළ දූෂණ හා වංචා සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට හා තෙමසක් ඇතුළත වාර්තාවක් කැඳවීමටයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර, විගණන කමිටුව වර්ජනය කළ අනධ්‍යයන විධායක නිලධාරීන්ගේ මතයට කමිටුවේ විශේෂ සවන්දීමක් මෙහි දී සිදු ව ඇත.

තවද , විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමට නොහැකි බව ද කෝප් කමිටුවේ දී අවධාරණයට ලක් වී ඇති අතර , ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 63කගෙන් රුපියල් මිලියන 25ක් අයකර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද කෝප් කමිටුව නියෝග කර ඇති බව සඳහන් වේ.

තවද, මියගිය මහාචාර්යවරියකගේ ස්වාමියාට රුපියල් මිලියන 07කට අධික මුදලක් නීති විරෝධී ලෙස ගෙවීම පිළිබද වහාම පියවර ගැනීමට ද කෝප් කමිටුව නියෝග කර ඇති අතර, ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා රුපියල් මිලියන 3.2ක් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමටත් කමිටුව විසින් නිර්දේශ කර ඇත.

තවද  මිලියන 7.5ක වියදමින් ඉදිකරන ලද කලාගාරය වසර 06කට වැඩි කාලයක් නිෂ්කාර්යව පැවතීම, රුපියල් මිලියන 8.3ක වියදමින් ආරම්භ කරන ලද පරිගණක පද්ධතියේ වැඩ වසර 06ක් ගතවුව ද අවසන් කර නොතිබීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහි දී අවධානය යොමු ව ඇති බව සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan