ඕෂලත් සමග සටනට ඩයනාත් ජනාධිපතිවරණයට ?

Date:

හිටපු සංචාරක ඇමතිනී ඩයනා ගමගේ මහත්මියත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා කියලා ආරංචියි.

ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න හෝ හිටපු මන්ත්‍රීවරුන්ට විතරයි. ඔවුන් තමන් පාර්ලිමේන්තුවේ ඉන්න බවට හෝ හිටපු බවට ලිපියක් පාර්ලිමේන්තු මහලේකම්ගෙන් ලබාගන්න ඕනෙ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරන්න නම්.

ඩයනා ගමගේ මහත්මිය මේ ලිපිය පාර්ලිමේන්තුවෙන් ලබාගෙන තියෙනවා කියලා තමයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණු ඩයනා ජනාධිපතිවරණයට තරග කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තමයි. ඒ වුණත් ඇය මේ දවස්වල ජනාධිපතිවරණ සටනට එන්න ලහි ලහියේ සූදානම් වෙනවා ලු.

ඩයනා ගමගේට මන්ත්‍රී ධුරය අහිමි වුණු නඩුව පවරපු ඕෂල හේරත් මහතාත් මෙවර ජනාධිපතිවරණයට අභිනව නිවහල් පෙරමුණෙන් තරග වදිනවා. ඡන්ද කෙසේවෙතත් ඩයනා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ආවොත් එතනදීම හොඳ සටනක් බලාගන්න පුළුවන් වෙයි වගේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...