ගෝඨාභයව ගෙදර යැව්වේ බැසිල් සහ නාමල්.නාමල් කුමාරයට දැන් දිට්ඨධම්මවේදනීය කර්මය පලදිල තියෙන්නේ – දිලිත්

Date:

කොළඹ LNW:ගෝඨාභය රාජපක්ෂ මහතාව ගෙදර යැව්වේ බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ බවත් එය කුමන්ත්‍රණයක් බවත් සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (09) බොරැල්ලේ මව්බිම ජනතා පක්ෂයේ පැවති වැඩසටහනකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යාම හා ඕඃඌආ දේශපාලන අත්දකීම් නොතිබීම කාරණා දෙකක් වන අතර ඔහුට එරෙහිව කුමන චෝදනා තිබුණද දුෂණයට,වංචාවට, පවුල පෝෂණය කිරීම ගැන චෝදනා කිසිවක් ගෝඨාභය රාජපක්ෂට නොමැති බවයි දිලිත් ජයවීර මහතා කියා සිටියේ.

”ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යාමයි ඔහුට දේශපාලන අත්දැකීම් නොතිබීමයි කියන්නේ දෙකක්. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ . මොකද ඔවුන් විශ්වාස කරපු වැඩේ නෙවෙයි ගෝඨාභය කළේ. ගෝඨාභයට කොතරම් චෝදනා තිබුණත් ඔහුට කවදාවත් චෝදනා කරන්න බැහැ වංචා, දුෂණ කළා, පවුල පෝෂණය කරන්න හැදුව කියල. එකේ අන්ත පැත්ත. දුෂ්කර තත්ත්වයන් තුළ මහින්ද මහත්තයගෙන් බැනුම් අහගෙන හරි ඇමතිකම් පහ දීලා හරි එතුමා බැලුව මේක කන්ට්‍රෝල් කරගෙන ඉන්න. ඒක මම පෞද්ගලිකව අත්දැක්කා. අපිට කිව්වා මට මේක කරන්න දෙන්නේ නැහැ කියල. එකේ ප්‍රතිඵලයක් හැරටියට එතුමා මට යෝජනා කළා පුළුවන් නම් බැසිල්ට කතා කරන්න කියල. කුමන්ත්‍රණයක් කරලා තමයි එතුමා ගෙදර යැව්වේ. වෙහෙසකර වූ ගෝඨාභය බැසිල් ජනධිපති කරලා දැන් රනිල් වික්‍රමසිංහ වගේ පැත්තකින් වාඩි වෙයි කියල තමයි ඒගොල්ලෝ හිතුවේ. දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නේ නාමල් රාජපක්ෂ කුමාරයා එකේ ප්‍රතිඵල බුක්ති විදිනවා. එය එලෙසම පලදී තිබෙනවා.” යනුවෙන් ජයවීර මහතා වැඩිදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...