රාජපක්ෂලා අපේ අභ්‍යවකාශ අයිතිය ටෙන්ඩර් නැතිව සමාගමකට දීලා. රොකට් එකේ දාලා සල්ලි යැව්වාද දන්නෙත් නෑ – ඇමති වසන්ත

Date:

ශ්‍රී ලංකාවට රොකට්ටුවක් යැවීම සඳහා අයිති අභ්‍යවකාශ සීමාව රාජපක්ෂලා විසින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව එක් සමාගමකට ලබාදී ඇති බවත් 2012/13 වර්ෂයේදී මෙම රොකට්ටුව යැවීම සඳහා රුපියල් මිලියන 12,000ක් වැයකර ඇතැයි සමාගමේ ගිණුම් වාර්තාවල සඳහන් වුවත් 2014/15 වර්ෂය වනවිට ගිණුම් වාර්තාවලින් ඒ මුදල අතුරුදන්ව ඇති බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“දැන් අපි මෙතන වැව හදනවා, කවුරුත් කතා කරනවාද ඒක ගැන ? රොකට් එක ආයෙ ඇවිත් නේද ? හැමෝම හොයන්නෙ රොකට් එක ගැන. ඇත්තටම ඒක හොයන්න වෙලා තියෙන්නෙ දැන්. ඒ කියන්නෙ රොකට් එකක් යවලා තියෙනවා. ලංකාවේ මිනිස්සු අතර මේකෙ සමහර ඒවා සාකච්ඡාවට ලක්වෙලාත් නෑ. මොකද අභ්‍යවකාශයට රොකට් එකක් යවන්න රටක් හැටියට අපට අයිතියක් තියෙනවා. ඒකෙන් තමයි සන්නිවේදනයට අවශ්‍ය කරන තොරතුරු බෙදාහැරීමේ ක්‍රියාවලියට තාක්ෂණිකව සහාය වෙන්නෙ. එතකොට මේ සමාගමකට 2012දී මේක දීලා තියෙනවා රොකට් එකක් යවලා සැටලයිට් එකක් ස්ථාපිත කරන්න. එතකොට මේ රොකට් එක යවලා තියෙනවා 2012 නොවැම්බර් මාසෙ, හැබැයි මේ කොම්පැණිය හදලා තියෙන්නෙත් 2012 මැයි මාසෙ. සාමාන්‍යයෙන් වැවක් හදන්න ගියා නම් කොච්චර කල් යනවද ? සාමාන්‍යයෙන් මේ දවස්වල ප්ලේන් එකක් ඕඩර් කළොත් එහෙම අවුරුදු 12ක් යනවා ඇමරිකාවෙන් බෝයිං එකක් ගේන්න. ඕං හිතාගන්නකො. එතකොට රොකට් එකක් ?

මේ කොම්පැමිණිය මාස පහකින් රොකට් එකක් යවලා. රොකට් එකේ දාලා සල්ලි ටික යැව්වාද දන්නෙත් නෑනෙ, නේද ? එව්වා කියන්න බෑ, මොකද එහෙම තමයි යවලා තියෙන්නෙ. මම කිව්වෙ ඇයි දන්නවද ? දැන් කොම්පැමිණිය කියනවාලු රොකට් එක තියෙනවා කියලා. රොකට් එක ඇත්තෙ චීනය යවපු එක. අපට ප්‍රශ්නය රොකට් එක නෙවෙයි දැන්. චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයකින් තමයි මේ රොකට් එක යවන්නෙ. මේ සමාගම පටන් ගන්නකොට තියෙනවා මේ රොකට් එක වෙනුවෙන් අපි ආයෝජනය කළා කියලා මිලියන 12,000ක්. මේ වැව් බන්ට් එකට කීයද යන්නෙ ? මිලියන 1.8 යි, නේද ? ඉතින් … මිලියන 12,000ක් ! හැබැයි ඊළඟ අවුරුද්ද වෙනකොට 12,000 නෑ. දැන් රොකට් එක වෙනුවෙන් කරපු ආයෝජනය, වත්කම තමයි පෙන්න්නනෙ මේ. ඒ වෙනුවෙන් ණයකුත් තියෙනවා මිලියන 11,000 ගාණක. දැන් ප්‍රශ්නෙ 2013/14 ඒ කියන්නෙ – 12 මැයි මාසෙ කොම්පැණිය හදලා තියෙන්නෙ, 12 අවසානෙ රොකට් එක යැව්වා කියනවා – 2013 අවුරුද්දෙ තමයි පළවෙනි ගිණුම් දීලා තියෙන්නෙ. ඒකෙ තියෙනවා දෙපැත්තෙම වත්කම් සහ වගකීම් හැටියට ණයක් සහ රොකට් එක යැව්ව එක වත්කමක් හැටියට සැටලයිට් කියලා. හැබැයි 2014/15 ගිණුම්වලදී සැටලයිට් එක නෑ. ඒ කියන්නෙ මිලියන 12,000ක් ඈ …

ඒ විතරක් නෙවෙයි. මේ වැව අපි දැන් ඕගොල්ලන්ට හදන්න බන්ට් එක හදන්න ගොවි සංවිධානවලට දෙන්න බාධාවක් නෑ. වෙන කාටවත් දෙන්න පුළුවන්ද ? දෙනවා නම් කොහොමද දෙන්නෙ ? ටෙන්ඩර් කරන්න ඕනෙ. ලක්ෂ 20 දක්වා වගේ සමහර සීමාවන් තියෙනවා ටෙන්ඩර් නැතිව දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂ 50ක එකක් ආවොත් එහෙම ටෙන්ඩර් කරනවා. අපේ ස්පේස් එක, මේ අභ්‍යවකාශයේ තියෙන අපේ අයිතිය මේ සමාගමට දෙන්නෙ ටෙන්ඩර් දාලාද ? ටෙන්ඩර් දාලාත් නෑ. මේ රාජපක්ෂලා දීපු ගේම්, මං මේ කියන්නෙ. දැන් අර රොකට් මෑන් නෑ නේද ? ඉන්නවද ? ලංකාවෙ බිහිවෙච්ච පළවෙනි අභ්‍යවකාශ විද්‍යාඥයා, අභ්‍යවකාශගාමියා හැටියට තමයි මෙයා ඇවිල්ලා රොකට් සයන්ටිස්ට්, රොකට් පිළිබඳ විද්‍යාඥයා හැටියට තමයි කිව්වෙ. ආරංචියක් තියෙනවා මිනිහා කට උත්තරයක් දීලා තියෙනවාලු ගිහිල්ලා ‘මං දන්න රොකට් එකක් නෑ, මට කියන්න කියපුවා මම කිව්වෙ’ කියලා. ඒක හරිනෙ නේද ? මිනිහාත් රොකට් එකේම දාලා යවන්න තිබ්බෙ.

මං කිව්වෙ මේ රටේ ජනතාවට මේ මාතෘකා එන්නෙ නිකම් නෙවෙයි. ආණ්ඩුව රටේ වැඩකරන්න පටන් ගත්තාම ජනතාවගේ අවධානය ආපහු අරන් යනවා වෙන පැතිවලට. ඒ නිසා ඔයගොල්ලන්ගෙ අවධානය වැව් බන්ට් එක හදාගන්න ඉස්සෙල්ලා. වැව සුද්ද කරන්නත් තියෙනවා අපට ඉස්සරහට. අපට ඉස්සරහට තව වැඩ ගොඩක් තියෙනවා කරගෙන යන්න. ගම්වල පාරවල් ටික හදන්න අපි ප්‍රාදේශීය සභාවලට කියලා තියෙනවා. ලබන අවුරුද්දේ ප්‍රාදේශීය සභාවලට වාහන අරන් දෙන්න ආණ්ඩුව අපි සැලසුම් සකස් කරමින් යන්නෙ. අපි යෝජනා කරලා තියෙනවා දැන්”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ පළමු ශාක පදනම් කරගත් බිත්තරය වෙළඳපොළට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනක පර්යේෂණයන්ගෙන්...

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මේ අවුරුද්දේදීද ?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ලිමේන්තු කතාව අනුව, "2015 සිට...

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට සැත්කමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක්...

හීනෙන් බයවෙලා වගේ ජනාධිපතිවරයා කතා කළාට ආර්ථිකය ගැන අබමල් රේණුවක් සඳහන් කළේ නැහැ – විපක්ෂ නායක සජිත්

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් සිදුකිරීම නරක හීනයක් දැක...