ඉරාකයේ ක්ලෝරීන් ගෑස් කාන්දුවක් හේතුවෙන් ෂියා වන්දනාකරුවන් 600 කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ නජාෆ් සහ කර්බාලා යන ෂියා ශුද්ධ නගර දෙක අතර මාර්ගයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක රාත්‍රියේ සිදුව ඇති ක්ලෝරීන් ගෑස් කාන්දුවක් හේතුවෙන් ඒවා ආශ්වාස කර ශ්වසන ආබාධ ඇතිවූ ෂියා වන්දනාකරුවන් 621 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

දශක ගණනාවක යුද්ධ, අභ්‍යන්තර ගැටුම් සහ දූෂණ හේතුවෙන් ඉරාකයේ බොහෝ යටිතල පහසුකම් අබලන් වී ඇති අතර, ආරක්ෂක ප්‍රමිතීන් පිළිපැදීම බොහෝ විට ප්‍රමාණවත් නොවේ.

මෙවර අර්බයින් සැමරීම සඳහා කර්බාලා වෙත ෂියා මුස්ලිම් වන්දනාකරුවන් මිලියන ගණනක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එහි ගෞරවනීය ඉමාම් හුසේන් සහ ඔහුගේ සහෝදර අබ්බාස්ගේ සිද්ධස්ථාන පිහිටා ඇත.

එනම් මෙහිදී ෂියාවරුන් නබි මුහම්මද් තුමාගේ මුනුබුරා වන හුසේන්ගේ මරණය සිහිපත් කරන දින 40 ක ශෝක කාලයක් සමරණු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...