කාලගුණය යළි වෙනස් වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (11) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුර, උතුරුමැද ,නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...

සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!

සටහන – පුලී අගෝස්තු 23, කොළඹ (LNW): පසුගිය වසර පහ...

” කාලය ඇවිත් ” ජංගම ඉතිහාස කෞතුකාගාරය නැරඹීමට අගමැතිනිත් එයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: ඊයේ(22) දිනදී කොළඹ මහජන...

IMPA හි නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා පත් කෙරේ!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකා ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින්ගේ...