ලංඩනයේ දී නිහඬව නික්ම ගිය ඩබ්ලිව්. එස්. විජේසිංහ

Date:

නැවත ශක්තිමත් වාමාංශික පිබිදීමක් ඇති කරන්නට ඔහු දැරූ වෑයම බෙහෙවින්ම ප්‍රශංසනීය ය. ජ වි පෙ තෙවන පුනරාගමනය සිදුවන 90 දශකයෙහි මුල පක්ෂය ගොඩනැංවීමට නිහඬව ඔහු කළ මෙහෙය අප හදවත් තුළ සදා අමරණීය වේ. කලාව තුළින් දේශපාලනය කිරීමට තරම් ගැඹුරු දැක්මක් තිබූ ෂෙල්ටන් පයාගල නම් කලාකරුවා සහ රංග කලා ආචාර්ය ගාමිණී හත්තොටුව මෙකල ඔහුගේ සමකාලීන වාම මිතුරන්ව සිටි බව ද මෙහිලා සටහන් කළ යුතු ය.

පසු ගිය දිනක අවසන් සුසුම් හෙළූ මේ උතුම් මානව හිතවාදියා ඊයේ උදෑසන ලංඩන් නගර ආශ්‍රිත ‘‘Hendon Crematorium’’ සුසාන භූමියේ දී අපෙන් සමු ගෙන ගිය ද නාට්‍යය කලාවට ද, දේශපාලනයට ද, අපේ මිනිස් ජීවිතයට ද ඔබ කියා දුන් ගැඹුරු පාඩම් සමග ඔබ පිළිබඳ සදාදරණීය මතක අප සමග නිබඳ සැරි සරණ බව විජේසිංහ සහෝදරයා වෙත පිදෙන උත්තමාචාරය සමග සනිටුහන් කර තබමි.

(ගාමිණී මුතුකුමාරණ)

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...