ලංඩනයේ දී නිහඬව නික්ම ගිය ඩබ්ලිව්. එස්. විජේසිංහ

Date:

නැවත ශක්තිමත් වාමාංශික පිබිදීමක් ඇති කරන්නට ඔහු දැරූ වෑයම බෙහෙවින්ම ප්‍රශංසනීය ය. ජ වි පෙ තෙවන පුනරාගමනය සිදුවන 90 දශකයෙහි මුල පක්ෂය ගොඩනැංවීමට නිහඬව ඔහු කළ මෙහෙය අප හදවත් තුළ සදා අමරණීය වේ. කලාව තුළින් දේශපාලනය කිරීමට තරම් ගැඹුරු දැක්මක් තිබූ ෂෙල්ටන් පයාගල නම් කලාකරුවා සහ රංග කලා ආචාර්ය ගාමිණී හත්තොටුව මෙකල ඔහුගේ සමකාලීන වාම මිතුරන්ව සිටි බව ද මෙහිලා සටහන් කළ යුතු ය.

පසු ගිය දිනක අවසන් සුසුම් හෙළූ මේ උතුම් මානව හිතවාදියා ඊයේ උදෑසන ලංඩන් නගර ආශ්‍රිත ‘‘Hendon Crematorium’’ සුසාන භූමියේ දී අපෙන් සමු ගෙන ගිය ද නාට්‍යය කලාවට ද, දේශපාලනයට ද, අපේ මිනිස් ජීවිතයට ද ඔබ කියා දුන් ගැඹුරු පාඩම් සමග ඔබ පිළිබඳ සදාදරණීය මතක අප සමග නිබඳ සැරි සරණ බව විජේසිංහ සහෝදරයා වෙත පිදෙන උත්තමාචාරය සමග සනිටුහන් කර තබමි.

(ගාමිණී මුතුකුමාරණ)

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන...

කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...