අපිට තියෙන ප්‍රශ්නේ ජොබ් එකක්වත් කරපු නැති චිචී රොකට් යවන්න සල්ලි හෙව්වේ කොහෙන්ද කියන එකයි – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුවට ඇති ප්‍රශ්නය වන්නේ රොකට්ටුවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න පිළිබඳව බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

”ඒගොල්ලො අහපු ප්‍රශ්නය ඇහුවේ රාජ්‍ය මුදල්ද කියන කාරණාව. අපිට තියෙන්නෙ ඒක නෙවෙයි, අපිට තියෙන්නෙ මේ රොකට් එක සඳහා ආයෝජනය කරන ලද මුදල් මිලියන ගාණක් ආයෝජනය කළේ කොහෙන්ද ? චිචී ජොබ් එකක්වත් කරලා නෑනෙ … ඉතින් රටේ රැකියාවක්වත් කරපු නැති කෙනෙක්. අපි අර ඩී. වී. චානක කියන කෙනාට කියන්නෙ, ඔය වෙන වෙන ප්‍රශ්න අහන්න එපා. එයාට හොඳම දේ තමයි නාමල්ලාගෙ රෙදි හෝදන්නෙ නැතිව නාමල්ලාගෙන් ප්‍රශ්නෙ අහන්න. ‘ඇත්තටම නාමල් අයියෙ, මල්ලි කොහොමද මේ සල්ලි හොයාගත්තෙ ? මල්ලිට කොහෙන්ද මේ සල්ලි ? අපිට තේරෙන්නෙ නෑ අයියෙ, කියලා දෙන්නකො’ කියලා ප්‍රශ්නයක් අහන්න. ඕක ඇහුවා නම් මේ ප්‍රශ්නෙ සුද්ද වෙනවා”

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...