ගෝඨාභය ඉන්නේ තාවකාලික පදනමින්.ස්ථිර රැකවරණයක් සොයා ගනීවි – තායි අගමැති

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටිනුයේ තාවකාලික පදනමින් බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය අපේක්ෂා කරනු ඇති බවත් එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කර තිබේ.

තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක නිරත නොවීමට එකඟතාව පළකර තිබෙන බවයි තායිලන්ත අගමැතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව තායිලන්තයට ඇතුල් වීමට හිටපු ජනාධිපතිවරයාට අවසර ලැබී ඇත්තේ මෙරට රජයෙන් කර තිබෙන ඉල්ලීමකට අනුවයි.

මානුෂීය හේතුන් මත ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණි බවයි බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත්තේ.

දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා ගැන සලකා බලා 2013 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇතිකරගත් එකගතා ගිවිසුමකට අනුව රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් ඇති බැවින් හිටපු ජනාධිපතිවරයාට වීසා රහිතව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමිව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...