ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ආධාරයක්!

0
687

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

එරට සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ඒරන් ෆින්ච් හා පැට් කමින්ස් විසින් එම කාර්යයට නායකත්වය දී ඇත.

යුනිසෙෆ් සංවිධානය හරහා එම මුදල මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික දරුවන් ලක්ෂ 17 කට හා ඔවුන්ගේ පවුල් වෙත බෙදාහැරීමටයි සැලසුම වී ඇත්තේ.

සති කිහිපයකට පෙර පැවති ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරග සංචාරයේදී මෙම අරමුදල එක් රැස් කිරීමට පියවර ගෙන තිබුණි.