කොලොම්බියාවට බලපෑ ප්‍රබල භූමිකම්පනය හේතුවෙන් 132කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
කොලොම්බියාවට බලපෑ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු මියගොස් තවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මෙය 21 වැනි සියවසේදී කොලොම්බියාවට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව ලෙස වාර්තා වන අතර, ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයිම් මරණ සංඛ්‍යව ඉහල යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය San José del Palmar ප්‍රදේශය ආසන්නයේ පිහිටා ඇති අතර, බටහිර සහ මධ්‍යම කොලොම්බියාවේ නගර රැසකට එහි ප්‍රබල බලපෑම් එල්ල වී තිබේ. Cali, Pereira, Armenia සහ Manizales ඇතුළු නගරවල ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානි සිදුව ඇත.

වාර්තා වන පරිදි නිවාස 1,575කට, සෞඛ්‍ය මධ්‍යස්ථාන 18කට සහ පාසල් 52කට හානි සිදුව තිබේ. ගොඩනැගිලි කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා මුදාගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම්වල නිරතව සිටිති.

භූමිකම්පාවෙන් අනතුරුව පසුකම්පන රැසක් ද වාර්තා වී ඇති අතර, තවදුරටත් ගොඩනැගිලි කඩා වැටීම් සහ හානි සිදුවීමේ අවදානම හේතුවෙන් ජනතාවට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...