විදර්ශන හා අනුබද්ධ අනෙක් ප්‍රකාශන ආයතන ද්විත්වයත් දැන් සක්‍රීයයි !

Date:

‘විදර්ශන’ ට පසුව, ඊට අනුබද්ධව මුලින්ම ආරම්භ කළේ ‘බේබි බී’ ප්‍රකාශන ආයතනය ය. එය යෞවන පාඨකයන් වෙනුවෙන් ලියැවෙන ස්වතන්ත්‍ර හා පරිවර්තිත සාහිත්‍ය කෘති පළ කිරීම වෙනුවෙනි. ඒ මීට දශක දෙකකට පමණ ඉහතදී ය. ග්‍රන්ථ 30 ක් පමණ ප්‍රකාශනයට පත් කිරීමෙන් පසු එම ආයතනය කලකට අක්‍රීය විය.

2019 වසරේදී ‘ප්‍රෝග්‍රස්’ ප්‍රකාශන ආයතනය ඇරඹුවේ අධ්‍යාපන ප්‍රකාශන පළ කිරීම වෙනුවෙනි. එමගින් මේවන විට පළ කර ඇති කෘතීන් ප්‍රමාණය 30 ක් පමණ වේ.

දැන් අප විසින් එම ආයතන ත්‍රිත්වයම සක්‍රීය කර ඇත්තේ ප්‍රකාශනය සඳහා ලැබෙන අත්පිටපත් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩිවන බව නිරීක්ෂණය වන බැවිණි.

ලබන වසරේ සිට වැඩිවන ප්‍රකාශන ධාරිතාව පිළිබඳ අපට පූර්ව තක්සේරුවක් ඇති බැවින් විදර්ශන අනුබද්ධ ආයතන ත්‍රිත්වයෙන්ම ඉදිරියේදී කෘතීන් නිකුත්වනු ඇත.

  • ‘විදර්ශන ප්‍රකාශන’ වෙතින් උසස් මට්ටමේ සාහිත්‍ය කෘති හා ශාස්ත්‍රීය කෘති.
  • ‘බේබි බී ප්‍රකාශන’ වෙතින් යෞවන පාඨකයන් සඳහා සාහිත්‍ය කෘති.
  • ‘ප්‍රෝග්‍රස් ප්‍රකාශන’ වෙතින් ළමා, අධ්‍යාපන හා සියළුම වර්ගවල සාහිත්‍ය කෘති ප්‍රකාශනයට පත්වනු ඇත.

සියළු ප්‍රකාශනවල මුද්‍රණ නිමාව ‘විදර්ශන’ සම වේ.

~ ජනක ඉනිමංකඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...