අද පාර්ලිමේන්තුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුව අද (11) රැස් පෙරවරුවේ රැස්වීමට නියමිතයි. ඒ අනුව  පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා කාලය වෙන්කර ඇත.

එහිදී, පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම, පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තවද, මෙරට ගුරුවරුන් සඳහා වසර 05කට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම සහ විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා ද අද දිනයේ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති අතර , ඉන් අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව දන්වා සිටී.

මීට අමතරව , රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීම ද අද පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත අතර ඊට ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...