ලක් ලලනාවෝ එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට ලක් වූයේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පෙන් වූ දස්කම් නිසාය.එසේම මේ වන විට ඔවුන් සම්බනධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දරණ සැළකිල්ලේ තරමද ප්‍රමාණවත්ව වැඩි වී ඇත.ඒ සියලු සැළකුම් මැද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවයන්හි ද පැහැදිළි වර්ධනයක් දකින්නට ලැබෙන අතර මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගනිමින් ලෝකයේ ප්‍රබලම කණ්ඩායම් සමඟ තරග අත්දැකීම් ලබා ගැනීමේ ඉඩ පහසුකම් ද ශ්‍රී ලංකාවට හිමිවෙමින් ඇත.
එහි එක් ප්‍රධාන පියවරක් ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වඩා පළල් කාන්තා ක්‍රිකට් සංස්කෘතියක් ඇති එංගලන්ත කණ්ඩායම හමුවේ තරග වඳින්නට අවස්ථාවක් ලැබී ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරග තුන බැඟින් ඇතුළත් කාන්තා ක්‍රිකට් තරගාවලියක් අගොස්තු 8 සිට සැප්තැම්බර් 14 දක්වා එංගලන්තයේදී පැවත්වීමට නියමිතව ඇත.

අගොස්තු 28 වන දා පෙරහුරු විස්සයි ව්ස්ස තරගයකින් ඇරඹෙන මේ තරගාවලිය අගෝස්තු 14 දා දෙරට අතර පැවත්වෙන තෙවන එක්දින තරගයෙන් පසුව නිමාවට පත් වීමට නියමිතය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...