*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

ජන්දේ කාලේ වුණත් බොරු කීමේ සීමාවක් තියෙන්න ඕනේ!

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතා බොරු පොරොන්දු,සුරංගනා කතා පසෙක තබා යථාර්තය පහදා දෙන විට එය බොහෝ දෙනෙකුට අමිහිරි වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

නමුත් රනිල් වික්‍රමසිංහ නොහිටින්න එදා අරගලය සමයේ පාර්ලිමේන්තුවද ගිනිබත් වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”ජනාධිපතිතුමා නිර්පාක්ෂික අපේක්ෂකයෙක්. එතුමාට පක්ෂයක් නැහැ. තමන්ගේ පක්ෂයට වඩා ඉදිරියෙන් රට ඉදිරියෙන් තියල බොරු පොරොන්දු දෙන්නේ නැතුව සුරංගනා කතා කියන්නේ නැතුව යතාර්ථය ජනතාවට කියල දෙනවා. ඒක හුඟක් අයට අමිහිරි වුණා. ඇත්ත කියනකොට ඒක පිළිගන්න හුඟක් අය කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා එකක් ඇරෙන්න අනිත් ඔක්කොම දෙනවා. මොනවද නොදෙන්නේ? ගොවියන් ළඟට ගියාම අවශ්‍ය උපකරණත් දෙනවා,පොහොරත් දෙනවා,ආධාරත් දෙනවා,හාලත් දෙනවා ඉඩම. කම්කරුවා ළඟට ගියාමත් එහෙමයි. ඉස්කෝලෙකට ගියාම සෑම පාසලක්ම රාජකීය විද්‍යාලයක් බවට පත්කරනවා කියනවා. මේක කරන්න පුළුවන් වැඩක්ද?මැතිවරණ කාලෙදිත් බොරු කීමේ සීමාවක් තියෙනවා. මේ සීමාව අභිබවා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන්නේ මේ රටේ ජනතාව අමුම අමු ගොන්නු කියල. එදා මේ රට අරාජිකත්වයට පත්වුණු අවස්ථාවේදී ඔබ දන්නවා කොවිඩ් අර්බුදය ආවා. කොවිඩ් අර්බුදයෙන් පස්සේ ආර්ථික අවපාතය ආවා. ඒත් එක්කම් අරගලයක් කියල එකක් ආවා. ලාල් කාන්ත කියන විදිහට අරගලයේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ හා මේ රටේ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුවට ගිනිතියන්න එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නීතිය ක්‍රියාත්මක කරලා පාර්ලිමේන්තුව බේරා ගත්තේ. නැත්නම් අද තවත් බංග්ලාදේශයක් බවට ශ්‍රී ලංකාව පත්වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan