ජනාධිපතිවරණය සදහා වැඩිවන සෑම අපේක්ෂකයෙක් සඳහා මිලියන 200ක අමතර වියදමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ (LNW):

ජනාධිපතිවරණය නිරීක්ෂණය සදහා දේශීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසක් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, රාජ්‍ය දේපල අව භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායම් කීපයක් පත්කර ඇති බවයි. ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම ලබන 14 වනදා මධ්‍යහ්න 12න් අවසන් වන අතර, මේ වනවිට ජනාධිපතිවරණය සදහා 29 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් , ජනාධිපතිවරණය සදහා වැඩිවන සෑම අපේක්ෂකයෙක සදහාම මිලියන 200ක අමතර වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගැනීම ලබන 15 වනදා සිදුකිරීමට නියමිත අතර, මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 337ක් ලැබී තිබෙන බව සඳහන් වේ.

නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 329ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 1ක් මෙන්ම වෙනත් පැමිණිලි 7ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...