*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

රත්තරන් වටිනාකම් හැඳෙන හැටි

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 12, (LNW) කොළඹ :

ලෝකයේ වඩාත් ආකර්ශණයට ලක් වන්නේ උත්තරීතර ආදරය බව දැනේ.එය වරක් දෙවරක් නොව ඊට වැඩි වරක් ඔබට ද දැනී තිබෙන්නට පුළුවන්ය.එහෙත් එය සිතුවිලි මාත්‍රයකින් ඔබ්බට රැඟෙන යමින් නැවත නැවතත් ඒ දේ ම සිතන්නට කාරණා සිඳු වෙයි.


පැරිස් ඔලිම්පික් උළෙලේ වටිනාම රන් පදක්කම රත්තරන්වලට වැඩිය එළිය වුණේ එවැනි ආදරයක් හේතුවෙන්ය.ඇය ටාරා ඩේවිස් ය.මෙවර කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම සතු වන්නේ ඇයටය.පිම්ම මීටර් 7.10 ක් දුරට විහිදිණ.


ඒ ජයග්‍රහණයෙන් ඉනික්බිති ඇයගේ සැමියා ඇයට සුබ පතන අයුරු,ඔහු එයින් උද්දාමයට පත්වන අයුරු මේ වන විට දස ලක්ෂ ගණනින් අන්තර්ජාලය හරහා නරඹා ඇත.මේ තරම් ඇයගේ ජයග්‍රහණවලින් උද්දාමයට පත්වනආදරණිය සැමියෙක්….
ඇත්තටම ඒ දසුන මනරම්ය.
ඒත් ඇත්ත කතාවේදි ඒ සැමියාවන හන්ටර් වුඩ්හෝල් කෙරෙහි ඇය දක්වන ආදරයේ විශාලත්වයද එළියට එන්නේය.ඔවුන් දෙදෙනා ජීවත්වන සමාජ රටාවේ වටිනාකම ද රත්තරන් බව හැඟෙන්නේය.
හන්ටර්ට සිය දෙපා අහිමි වන්නේ වයස මාස 11 දී පමණය.ඔහුට වැළදුණු රෝගී තත්ත්වයකට පිළියම ලෙස දෙපා ඉවත් කරන්නට හන්ටර්ගේ දෙමව්පියෝ කැමති වෙති.
එවැනි තීරණයකට ආදරය වෙනුවෙන් කැමති වෙන්නට ඒ දෙමව්පියන්ට තිබුණු පරිසරය අපට නුහුරුය.වෛද්‍ය ක්‍රමය සහ පහසුකම් ගැන විශ්වාස නැත.එවැනි දෙපා අහිමි කෙනෙක් වෙනුවෙන් සුරක්ෂිත වූ සමාජයක්,එවැන්නන් සමාන කොට පිළිගන්නා සමාජයක් අපට නැත.


හන්ටර් දෙපා අහිමි වුව ද,ඔහුට අධ්‍යාපනයට බාධාවක් නොවිය.හොඳින් ක්‍රීඩාව කර ගෙන යන්නට පසුබිමක් තිබිණ.ටාරාටත් පෙර ලෝක මට්ටමේ ක්‍රීඩා කළ හන්ටර් වයස අවුරුදු 17 දී පැරා ඔලිම්පික් නියේජනය කරමින් ලෝකය සමග ගැටී රිදී ලෝකඩ දිනුවේය.ඒ ආකාරයට හන්ටර් දිනූ පැරා ඔලිම්පික් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකකි.සමහර විට මේ එකතුවට තව නොබෝ දිනකින් තවත් පදක්කම් එකතු කර ගන්නට මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී හන්ටර්ට හැකි වෙන්නට ඉඩ ඇත.
එහිදී ටාරා ට හන්ටර්ගේ ආදරය දැණින.ඒ ආදරයේ පාදවල අඩුවක් නොදැණින. වර්ණයක් බලා නොපෑවේය.දැණුනේ ආදර‍යේ පැහැය පමණක්මය.ඒ ආදරය සර්ව සම්පූර්ණ ලෙස භාර ගන්න පුළුවන් ආදරණිය පරිසරයක තමන්ට සුදුසු සහකාරයා හන්ටර් හැටියට ටාරාට භාර ගන්නට කිසිඳු බාධාවක් නොවිණ.අඬුවක් ද නොදැණිනි.
දෙදෙනාම ක්‍රීඩාවට ආදරය කළෝය.ඒ නිසා සිහින බොහෝ විට සමාන විය.ජයග්‍රහණය වෙනුවෙන් දරන්නට වන වෙහෙස දෙදෙනාම දැන උන්නේය.ඒ නිසාම කිසිවෙක් හො පසුබාන ගතියක් වේ නම් දෙගුණයකින් අනෙකාව උනන්දු කරවීම අපේක්ෂාව විය.

මේ පරිසරය ඇතුළේ දෙදෙනාම ඔලිම්පික් පදක්කමක් යන්න පිළිබඳව සහ එහි වටිනාකමත්,ඇති කරන හැඟීමත් දැන උන්නේය.ඒ නිසාම දෙදෙනටෙ ඇති ආදරය,එකට කරන ලද කැපවීම්වල ප්‍රතිපලය ලෙස ටාරාට ලැබෙන රන් පදක්කම හෘදයාංගමව සිතන විට ඔවුන් දෙදෙනාගේ පොදු දේපළක්ය.
මේ වෙහෙස,ආදරය ඔස්සේ කරපු කැප කිරීම නිසාම ටාරාගේ රන් පදක්කම සම්බන්ධයෙන් හන්ටර්ට දැනෙන හැඟීම,වෙනත් ආදරණීය හැඟීමකට වඩා වෙනස් එකක්ය.එහි සියළු සාරාර්ථ දෙදෙනාම දන්නේය.තවමත් රත්තරන් පාටට හන්ටර්ගේ ගෙල මත නොරැදුණු පදක්කම මෙ’වර ටාරාගේ ජයග්‍රහණයේ උත්තේජනයක් සමග හන්ටර්ගේ ගෙල සරසන්නට ඉඩකඩක් ඇත්තේය.ඒ සිඳුවීම ද ආදරයෙන් ලෝකය වැළද ගන්න සිඳුවීමක් වනු ඇත.


මෙහි ඇති උද්යෝගය,ආදරය ගලා හැලෙන කතාව යටින් දිවෙන අපට ආගන්තුක කතාව හරියට පපුතුරෙහි සඟවාගෙන වෙනස් සිතීමකට යන රටක් සේ සැරසෙන්නේනම්……
ආබාධයක් යනු කිසිසේත්ම බාධකයක් නොවන රටක,ආදරය කොච්චර පොහොසත් ද?
ක්‍රීඩා සංස්කෘතියක් නැති රටක අපට සුගතදාස පුරවා ගන්න ප්‍රවේශ පත්‍රයක් නිකුත් කළහොත් නරඹන්නන් නො’පිරෙනු ඇති වුව ද,ඔලිම්පික්වලට ලංකාවේ මුදලින් ලක්ෂ ගණන් ගෙවා පැමිණි මිනිසුන් තමන්ගේ රටට පමණක් නොව ක්‍රීඩාවේ චමත්කාරය විඳින අපූරුව සහ ඊට හදවතින්ම දායක වෙන අයුරුත් අපි දුටුවෙමු.ටාරා සහ හන්ටර්ගේ ආදරයේ බැදීම විශ්මයක් නොවන චමත්කාරයක් පමණක් වන එවැනි පොහොසත්කමක් පිරුණු රටක් රත්තරන්මය.එහි වෙනසක් නැත.


අපි ඔවුන්ගේ ආදරයේ හැඟීම බැදීම ගැන සතුටු වෙන අතරේම,ඔවුන් ඒතරම් බැදුණු ආදරය හැදුණු සංස්කෘතික සමාජය ගැන ද අවධානය යොමු කරමු.එවිට විශ්මයක් නොවන බොහෝ චමත්කාරය සපයන මිනිසුන් ුපේ සමාජයෙන් ද නිර්මාණය වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan