අප පවුල් පරම්පරාවන්, ඥාතීන් දිගු කාලයක් බලය ආරක්ෂා කරගැනීම සඳහා වු කාර්‍යක කොටස්කරුවන් නොවේ : ජාතික තරුණ සමුළුව ඇමතූ ජනපති අනුර

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW:

දේශපාලන අතකොළුවක් බවට පත්නොවී රටේ අනාගතය භාරගැනීමට සිටින නියමවරුන් බවට පත්කිරීම තරුණ සමුළුව මේ දක්වා පැමිණි ගමන්මගේ සනිටුහන්ව ඇතැයි ජාතික තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

“අද අපි ජනාධිපතිධුර හොබනවා. අමාත්‍ය ධුර හොබවනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හැබැයි අපි පුටුවේ වාඩිවෙද්දිම අපට අදහසක් තියෙනවා ඒකෙන් බැහැලා යන දිනයක් ගැන හිතේ තියාගෙන තමා පුටුවේ වාඩිවෙන්නේ. අපි පුටුවේ චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් අපිට නෑ. අපි ඉතාම පැහැදිලි සද් වුවමනාවක් තියෙනවා. මේ රට ඉතාම විනාශකාරී කණ්ඩායමක් අතේ තිබුණා. ඒ කණ්ඩායම අතින් දේශපාලන බලය අපේ අතට හුවමාරු කරගෙන තියෙනවා. ඒ බලය නුදුරු කාලයේදී ඔබට භාරදීමේ අපේක්ෂාවෙන් තමා අපි මේ පුටුවේ අසුන්ගෙන තියෙන්නේ. අපි කිසිසේත්ම මේ පුටුවේ මල්ටිබෝන්ඩ් වගේ ඇලවිලා ඉන්නේ නෑ. අපි සුදානම් කළ යුත්තේ රට භාරගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘදසාක්ෂිය තියෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව මේ රට භාරගැනීමට අවශ්‍ය පරම්පරාව අපි හැදිය යුතුයි.

අපේ ආණ්ඩුව රැකියා සපයන මධ්‍යස්ථානයක් නොමේ. අපේ ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක්. එහෙත් අපේ රාජ්‍ය සේවය රැකියා උද්පාදනයකට සමත්වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට, සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. අපේ ආණ්ඩුව නූතනත්වයට ගේනවා. ඒ සඳහා දැනටමත් අපි 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමතය ලබාදී තිබෙනවා. 

අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා පැතිරුණු 62,000ක් හඳුනාගෙන තියෙනවා. අපි උපදෙස් දුන්නා මේ 62,000 හැකි ඉක්මනින් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියලා. හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම.

ඉතින් කලබලවීම පුදුමයක් නොවේ. සැබවින්ම අප අද මේ ඉටුකරනු ලබන්නේ තරුණයාට හිමිතැන සහ ඇයට හෝ ඔහුට අනාගතය කවරාකාරයෙන් නිර්මාණය විය යුතුද ? කවර වගකීම් දැරිය යුතුද යන වගකීම් සහගත තරුණ නායකත්වයන් බිහිකළ යුතුයි. කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් දිගු කාලයක් බලය ආරක්ෂා කරගැනීම සඳහා වු කාර්යක කොටස්කරුවන් ලෙස නොවේ.”

රට භාරගැනීම සඳහා සුදානම් විය යුතු වන්නේ තම පාලනයෙන් පසුව රට භාරගැනීමට අවංකභාවය, හැකියාව සහ නිපුණතාවය ඇති තරුණයින් පිරිසක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නව දැනුම සොයා යා හැකි දැනුමේ ඇති වෙන නව පිම්මට වේගයෙන් අනුගත වන නව තරුණ පරපුරක් නිර්මාණය කළ යුතුව ඇති අතර, ඔවුන්ට රටේ අනාගතය භාරදිය යුතුයි යන තිර අධිෂ්ඨානය පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.පොදු සමාජය පිළිබඳ සහකම්පනයක් ඇති තරුණයන් මේ මොහොතේ අවශ්‍ය බව ද පැවසු ජනාධිපතිවරයා, රට ඉදිරියට ගෙන යෑම සඳහා මෙය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇති අතර, ඒ වෙනුවෙන් මෙම තරුණ ව්‍යාපාරයට වැඩි වගකීමක් ඇති බව ද කියා සිටියේය.යුක්තිගරුක මිනිසෙක් බවට තරුණයින් පත්විය යුතු බවත්, යුක්තිය වෙනුවෙන් හඬ නැගීමට පෙර තරුණයින් යුක්තිගරුක තරුණයෙක් බවට පත්විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.රාජ්‍ය භාරදීමට සුදුසුකම් ඇති නව තරුණ ව්‍යාපාරයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා සුදුස්සන් වන ලෙසත් ජාතික තරුණ සමුළුව අමතමින් පැමිණ සිටි තරුණයින්ට ජනාධිපතිවරයා පවසා සිටියේය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...