චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

Date:

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ අබව පැවසුවේ අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

ඉන්ටර්නැෂනල් ටෙලිකොම්නිකේෂන් යුනියන් විසින් චන්ද්‍රිකාවක් ගොනුගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වන අතර එම ක්‍රියාවලියට අනුව ශ්‍රී ලංකාව නමින් චන්ද්‍රිකාවක් නොමැති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එම ප්‍රධාන පියවර අනු, ” පළවෙනි එක තමයි සැලසුම් කර ඇති චන්ද්‍රිකා ජාලය තාක්ෂණික තොරතුරු අදාළ පරිපාලන ආයතනය විසින් අයි ටී යූ වෙත ඉදිරිපත් කිරීම. දෙවනුව මෙම ඉදිරිපත් කරන තොරතුරු විසින් අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ සන්නිවේදන බාධා වළක්වා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම. තුන්වෙනුව ලියාපදිංචි කිරීම සහ ජාත්‍යන්තර පිළිගැනීම් සඳහා අවසාන පැරාමිතීන් දැනුම් දීම. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් මේ ලෝකෙම පිළිගත්ත, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම සඳහා පිළිගත්ත සම්මත ක්‍රමවේදය. මේ සඳහා අවම වසර තුනක් සාමාන්‍යයෙන් උපරිම වසර හතක් ගතවෙනවා. අන්න ඒ ක්‍රියාවලිය මෙම අයි ටී යූ කියන ආයතනයේ ලංකාවේ සාමාජිකත්වය දරන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ඒ අනුව අපට මේ භූස්ථාපන කක්ෂවල ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන ස්ථාන දෙක. භූ කක්ෂ පනහා සහ එකසිය විසි එකයි දශම පහ තමයි ලංකාවට හිමි වෙලා තියෙන්නේ. හැබැයි මේ එකේ තිබෙන තොරතුරු අනුව මේ ස්ථාන අපිට වෙන් වෙලා තිබෙන අතරෙම මෙන්න මේ රටවලට, ඇෆ්ගනිස්ථානය, කිරිකිස්ථානය, මොල්දෝවා, නේපාලය, ටග්ගනිස්තා සහ රොමේනියා වගේ රටවලටත් අවශ්‍ය නම් බාධාවකින් තොරව මේ ස්ථානවල ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අයි ටී යූ එකේ තියෙන තොරතුරු අනුව දැනට මේ එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන භූස්ථාන කක්ෂවල ලංකාව නමින් චන්ද්‍රිකාවක් නැහැ.”

අනතුරුව සුප්‍රීම් සැට් වන් නමින් චන්ද්‍රිකාවක් පවතිනවාද යන්න පිළිබඳවද සොයා බලා ඇති අතර එවැන්නක්ද නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

සුප්‍රීම් සැට් වන් පසුකාලීනව චයිනාස් ඇට් ටුවෙල් නමින් නම් කර ඇති බවට වාර්තා වුවද එවන්නක්ද නොමැති බවයි නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...