හර්ෂටත් ලොකු තනතුරක් !

Date:

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම කාරක සභාව ඊයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී තීරණය කර තිබෙන්නේ සභාපති ධුරය විපක්ෂයට ලබාදිය යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කිරීමට තීරණය කළ අතර ඉන්පසු නව සභාවාරය පසුගියදා ආරම්භ කෙරිණි. වත්මන් පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතායි.

පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීම හේතුවෙන් කෝප්, කෝපා ඇතුළු කාරක සභා 70 කට ආසන්න ප්‍රමාණයක් අහෝසි වී ගියේය. මේ වනවිටත් එම කාරක සභා කිහිපයක් පත්කර ඇති අතර ඉතිරි කාරක සභාද ඉදිරියේදී පත් කරනු ඇත.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ කෝප්, කෝපා ඇතුළු කාරක සභාවල සභාපති තනතුරු විපක්ෂයට ලබාදෙන ලෙසයි. කතානායකවරයා ඒ සඳහා එකඟතාවය පළකළ බව කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...