දකුණු ආසියාවට කෙළෙව්වේ සුළු ධනේෂ්වර ශිෂ්‍ය ව්‍යාපාර ….

ශිෂ්‍යයෝ කියන්නේ වගකීමක්, බරක් පතළක් නැති සහ අනුන්ගෙන් ජීවත්වෙන ජීවන අත්දැකීම් නැති ළමයි කොට්ඨාසයක්.

උදාහරණෙට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර ගත්තත් බැරියර් පෙරලනවටයි, පාරේ බෙරිහන් දෙනවටයි, රැග් කරනවටයි, වලි දාගන්නවටයි, ගිනිතියනවටයි එහා දැක්මක් ඔවුන්ට නෑ..

මේ කළහකාරී රන්චු ප්‍රචණ්ඩත්වයට ඔවුන්ගේ සුළුධනේෂවර පන්ති මූලයත් බලපානවා..

මේ සුළුධනේෂවර ශිෂ්‍යයන්ට පාලන බලය ලැබුනා කියන්නේ ගෝරිකාර වඳුරන්ට දැලිපිහි හම්බ උනා වගේ වැඩක්..

බංග්ලාදේශයේ මේවන විට බැංකු අතර මුදල් ට්‍රාන්ස්පෝට් වෙන්නෙ නෑ.. ආයෝජකයන් කර්මාන්ත ශාලා වහලා දාලා.. රට පුරා මහාපරිමාන මංකොල්ල කෑම් සිදුවෙනවා .. තවත් පැත්තකින් බිහිසුනු හින්දු මුස්ලිම් ගැටුමකට පසුබිම හැදෙනවා..

හේතුව අදාල වගකිවයුතු නිල ආරක්ෂාව බිඳ වැටිලා නිසා.. ඒ අරක්ෂාව දෙන්න පාරේ රඟන ශිෂ්‍ය ව්‍යාපාරවල ළමයින්ට බෑ.. ඒකට පොලීසි හා නිල සන්නද්ධ හමුදාවල් සක්‍රීය වෙන්ට ඕන.. රටේ කාර්මික සාමය හැදෙන්ට ඕන..

දැන් කවුරුහරි අරගලය විසුරුවා හැරලා උපායශීලී නායකයෙක් විසින් බලය අතට ගත්තෙ නැත්තං නීතිය බිඳවැටුන පෙර තිබූ සෝමාලියාව බංග්ලාදේශයේ බලාගන්ට පුළුවන් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...