සැප්තැම්බර් 21 වෙනිදායින් පස්සේ අතිගරු, ගරු නෑ. අපට එනවා ජනාධිපති සහෝදරයෙක් – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 සැප්තැම්බර් 21 වනදා සිට රටේ විධායක ජනාධිපතිවරයාට ගරු හෝ අතිගරු වැනි ආමන්ත්‍රණ නොමැති බවත් ඔහුට ජනාධිපති සහෝදරයා වශයෙන් ඇමතිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“අවුරුදු 76ක් තිස්සේ මාරුවෙන් මාරුවට වලව් කීපයක් අතරේ මේ බලය තියාගත්තෙ ඒගොල්ලො. අපට දුන්නෙ නෑ කිට්ටුවෙන්න. බෝතලේ වලව්වෙන් හොරගොල්ල වලව්වට, හොරගොල්ලෙන් ආයෙ බෝතලේ වලව්වට, ඒකෙන් රොස්මීඩ් වලව්වට, ඒකෙන් කොල්ලුපිටියෙ වලව්වට, ඒකෙන් මැදමුලන වලව්වට, වලව් ටිකක් වටේ බලය කැරකුණා. දැන් ඒක වෙනස් වෙලා. ඒක වෙනස් වෙන්න පටන් ගත්තෙ පහුගිය අරගලයත් එක්ක. දැන් ඔන්න පොදු ජනතාව නියෝජනය කරන අපේ මනුස්සයෙක්, අපේ සහෝදරයෙක් පළවෙනි වතාවට ජනාධිපති වෙන්න හදනවා. මීට කලින් ජනාධිපතිලා කවුද ? මීට කලින් ජනාධිපතිලා හරි අමුතු කට්ටියනෙ. ශ්‍රීමතාණෝ, උතුමාණෝ, අතිගරු මේවා ඔක්කොම දාන් හිටියා. අතිගරු හැබැයි ලොකු හොරු. දැන් කවුද එන්නෙ ? දැන් මීට පස්සෙ ගරු නෑ, අතිගරුත් නෑ, උතුමාණෝත් නෙවෙයි, ශ්‍රීමතාණෝත් නෙවෙයි. ඔබට ඕනෙ නම් කියන්න පුළුවන් අනුර දිසානායක සහෝදරයා කියලා. ජනාධිපති සහෝදරයා. දැන් එනවා ලබන 21 වෙනිදා අපිට ජනාධිපති සහෝදරයෙක්”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ කළුතර උතුර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...