නාමල්ට අභියෝගයක් තියෙනවා.පුළුවන් නම් සීලරතන හාමුදුරුවන්ට වඩා වැඩියෙන් එක ජන්දයක් හරි ගන්න!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂට ඇති අභියෝගය වන්නේ සීලරතන හාමුදුරුවන්ට වඩා එක ජන්දයක් හෝ වැඩියෙන් ගැනීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රට බෙර ගැනීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට මිනිස්සු ආදරය කළාට ඒ පවුලටම මිනිස්සු ආදරය නොකරන බවද රණතුංග මහතා කියා සිටියි.

එසේ විය යුතුද නැති බවයි ඔහු පවසන්නේ.

”මහින්ද රාජපක්ෂ මහත්තයට අපි අදටත් ආදරෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා හැමදාම කිව්වේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වෙනුවත් මව්බිම කියල. එහෙම නම් මව් බිම වෙනුවෙන් කටයුතු කරන්න අපේ වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි පොහොට්ටුවේ බහුතරයක් පාර්ලිමේන්තුවේ ට වේවා පළාත් සභාවේ වේවා පළාත් පාලන වේවා ඒ හැමෝගෙම බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්නේ මේ රට ආර්ථික අර්බුදයෙන් පීඩාවෙන් ගොඩ දාපු නිසා. ඒ නිසා මම විශ්වාස කරනවා රට බේරගත්ත නිසා මහින්ද මහත්තයට මිනිස්සු ආදරය කළාට ඒ පවුලේ හැමෝටම එහෙම ආදරය කරන්නේ නැහැ. මිනිසු එහෙම සලකන්න වුවමනාවකුත් නැහැ. රටට ආදරය මිනිස්සු මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. නාමල්ට අභියෝගය තියෙන්නේ සීලරතන හාමුදුරුවෝ එක්ක. හාමුදුරුවන්ට වඩා එක ජන්දයක් හරි වැඩියෙන් ගන්න.” යනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...