ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලය : අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට දින 2000 යි !

0
888

පසුගිය යුධ සමයේදීත් ඉන් පසුවත් අතුරුදන් කරන ලද සිය සමීපතමයින්ට අත්වූ ඉරණම හෙළිදරව් කරන ලෙස බලකරමින් උතුරු – නැගෙනහිර මව්වරුන් ඇතුළු අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් අඛණ්ඩව පත්වාගෙන යන අරගලයට ඊයේ (21) දිනට දින 2000ක් සපිරිණි.

ඒ වෙනුවෙන් කිලිනොච්චි කන්දසාමි කෝවිල ඉදිරිපිට සිට ඩිපෝ මං සන්ධිය දක්වා විරෝධතා පෙළපාලියක් ද පැවැත්විණි.

යුද්ධය අවසානයේ හමුදාවට භාරදුන් සිය දරුවන් ද ඇතුළුව අතුරුදන් කර ඇති සිය සමීපතමයින් වෙනුවෙන් වන්දි මුදල් සහ මරණ සහතික භාරගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය එක හඬින් ඉල්ලා සිටින්නේ සිය සමීපතමයින්ට අත්වූ ඉරණම සහ ඊට වගකිවයුත්තන් වහාම හෙළිදරව් කරන ලෙසය.

දින 2000ක මෙම අඛණ්ඩ අරගලයට සම්බන්ධ වී සිටි දෙමාපියන් 128 දෙනෙකු සිය දරුවන්ට අත්වූ ඉරණම නොදැනම ජීවිතයෙන් සමුගෙන ඇති බවත් එම විරෝධතාකරුවන් විසින් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මෙම අරගලයේ නියැළුණු මව්වරුන් ඇතුළු ඥාතීන් අනේක වාරයක් පොලිසියේ සහ හමුදාවේ හිරිහැරවලට ගොදුරු වී ඇති බවත් ඔවුන් විසින් පෙන්වා දී තිබිණි.

RN