ජනාධිපති සමාව මත තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත යොමු කෙරෙන ලිපියට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා විසින් අත්සන් තබා තිබේ.
සිය නීතීඥවරුන් විසින් සකස් කරන ලද අදාළ ලිපියට රාමනායක මහතා අත්සන් කළ බවයි නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා සඳහන් කළේ.
රංජන් රාමනායක මහතා මේ වනවිට දීර්ඝ කාලීන සිරදඬුවක් විඳිමින් සිටින්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවකට ය.
RN