*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සුප්‍රකට සාහිත්‍යධර ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි පිහි ඇණුමකට ලක් වේ.

නිව්යෝර්ක් හි වේදිකාවක දේශනයක් අතරතුර සිටියදී ඊයේ (12)දිනයේදී , පිහි ඇනුමකට ලක්වූ ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි මේ වන විට කෘතීම ස්වසන යන්ත්‍ර භාවිතයෙන් සිටින බව ඔහුගේ නියෝජිතයකු වන ඇන්ඩෲ වයිලි මාධ්‍ය වෙත තොරතුරු දක්වා ඇත. අනතුර හේතුවෙන් කතුවරයාට එක් ඇසක් බොහෝවිට අහිමිව යා හැකි බව රෝහල් ආරංචි මාර්ග නිවේදනය කරන අතර ඔහුගේ අක්මාවටද පිහි ඇණීම හේතුවෙන් තුවාල ඇතිබව කියුවේ. මේ අනුව ඔහුගේ තත්වය යහපත් නොවන බව වාර්තා වේ. රුෂ්ඩි මේ වන විට පෙන්සිල්වේනියාවේ ඊරි හි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

නිව්යොක් ප්‍රාන්ත පොලීසීය පවසා ඇත්තේ සැකකරු එක්වරම වේදිකාවට දිව ගොස් මෙම පිහි ඇණුම සිදු කළ බවයි. මේ සම්බන්ධයෙන් 24 හැවිරිදි හැඩි මාටර් නම් සැකකරුවෙකු පොලිසිය විසින් රඳවා ගෙන මුත් ඔහු වෙනුවෙන් මේ වන තෙක් කිසිදු චෝදනාවක් තහවුරු කර නොමැත.

1988 දී රුෂ්ඩි විසින් ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ සිව්වන පොත The Satanic Verses ඔහුට වසර දහයකට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදු විය. එම කෘතිය ලෝකය පුරා මහත් ආන්දෝලනයට ලක් වූවක් විය.

යථාර්ථවාදී පශ්චාත්-නූතන නවකතාව සමහර මුස්ලිම්වරුන් අතර කෝපයක් ඇති කළේය. ඔවුන් එහි අන්තර්ගතය අපහාසයක් ලෙස සැලකූ අතර සමහර රටවල තහනම් කරන ලදී. ඉන්දියාවේ රුෂ්ඩි විරෝධී කෝලාහලවලින් පුද්ගලයන් කිහිප දෙනෙකු මිය ගිය අතර ඉරානයේ ටෙහෙරාන් අගනුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල විය.

පොත නිකුත් වී වසරකට පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනි රුෂ්ඩි මහතාගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි අතර රුෂ්ඩිගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියන 3ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කරන ලදි. 2012 වසරේදී තවත් අර්ධ නිල ඉරාණ ආගමික පදනමක් එම ත්‍යාගයට ඩොලර් 500000 එක් කරනු ලැබීය. මේත් සමඟ 1988 සිට වසර ගණනාවක් රුෂ්ඩිට පොලිස් ආරක්ෂාන යටතේ ජීවත් වීමට සිදු විය.

මෙවැනි තත්වයක් තුළ The Satanic Verses හි ජපන් පරිවර්තකයා වන සංසන්දනාත්මක සංස්කෘතිය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ පරිවර්තක හිටෝෂි ඉගරාෂි 1991 ජූලි මාසයේදී ටෝකියෝවේ ත්සුකුබා විශ්ව විද්‍යාලයේ ඔහුගේ කාර්යාලයෙන් පිටත ශාලාවේ කිහිප වතාවක් පිහියෙන් ඇණ මරා දමා ගොස් තිබිණ. එම කෘතියේ ඉතාලි පරිවර්තකයෙකු වන එටෝර් කැප්‍රියෝලෝ, ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තද, මිලාන්හි ඔහුගේ මහල් නිවාසයේදී පිහි ඇනුමකට ලක් විය.

ඉන්දියානු සම්භවයක් ඇති නවකතාකරුවෙකු වන රුෂ්ඩි වයස අවුරුදු 14 දී ඔහු එංගලන්තයට සහ රග්බි පාසලට යවන ලද අතර පසුව කේම්බ්‍රිජ් හි කීර්තිමත් කිංග්ස් විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධි ධාරියෙකි. සිය දශක පහක පමණ සාහිත්‍ය ජීවිතය තුළ රචනා කළ පොත්පත් බොහෝමයක් සම්මානයට පාත්‍ර වූ ඒවා වේ. 1981 දී Midnight’s Children සමඟින් ප්‍රසිද්ධියට පත් වූ අතර එය එක්සත් රාජධානියේ පමණක් පිටපත් මිලියනයකට වඩා අලෙවි වූ අතර බුකර් සම්මානය දිනා ගැනීමටද ඔහු සමත් විය. ඔහු සාහිත්‍ය සේවයට කළ සේවාව වෙනුවෙන් නයිට් පදවියෙන් පවා පිදුම් ලැබූ අග්‍රගන්‍ය කීර්තිධර සාහිත්‍යධරයෙක් විය.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan