වර්ෂාව නොලැබුණොත් තත්ත්වය අයහපත්. අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන්න – වාරිමාර්ගෙන් උපදෙස්

Date:

කොළඹ LNW:එළඹෙන ඔක්තෝම්බර් මාසය වන තෙක් වර්ෂාව නොලැබුණ හොත් ජලය භාවිතය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයකට පත්වන හෙයින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය අවධාරණය කරයි.

කඩින් කඩ ලැබෙන වර්ෂාව පොළවට උර ගන්නා නිසා ජලාශ පිරීමට තරම් එය ප්‍රමාණවත් නොවන බවයි විදානපතිරණ මහත්මිය පවසන්නේ.

”මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවලින් ජලාශ 32ක ජල ධාරිතාවය 30%ට වඩා අඩුයි. ප්‍රධාන ජලාශ 73 න් ජලාශ 66කම 50% කට වඩා අඩු ජල ධාරිතාවක් තමයි තියෙන්නේ. මහා වාරි ජලාශ ආශ්‍රිතව අස්වනු නෙළීමේ කටයුතු 30% ක පමණ ප්‍රමාණයක් තියෙනවා. මේ වන විට පවතින අධික උෂ්ණත්වය නිසා,වැව්වලින් විශාල ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය වන අතර යම් පාරිසරික අවශ්‍යතා සඳහාද ජලය අවශ්‍ය වෙනවා. මෙම වැව් ආශ්‍රිතව පානීය ජලය සඳහා ද ජලය නිකුත් කරන නිසා වියළි කාලගුණය දිගටම පැවතුනහොත් යම් ගැටලුකාරී තත්වයකට පත්වෙන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයට අනුව ඔක්තෝම්බර් මාසය වන තෙක් වැසි නොලැබුනහොත් දැනට ලැබෙන කඩින් කඩ වර්ෂාව පොළොවට උරා ගන්නා නිසාත් එම වර්ෂාපතනය ජලාශ පිරීමට තරම් ප්‍රමාණවත් නැහැ.ඉදිරියේදී වර්ෂාපතනය නොලැබුණහොත් ගැටලුකාරී තත්ත්වයකට පත්වන නිසා ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.” යනුවෙන් ඇය සඳහන් .කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...