බහුදින ධීවර යාත්‍රාවක හදිසියේම ගින්නක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුහුදු සැතපුම් 70ක් පමණ දුර ගමන් ගත් , වෙන්නපුව ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක්  හදිසියේ ගිනි ගැනීමකට ලක්ව ඇති අතර එම අවස්ථාවේ ධීවරයන් 07දෙනෙකු එහි සිට ඇති බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, නාවික හමුදාව විසින් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වූ බවත්, ඔවුන් වයස අවුරුදු 20ත් 43ත් අතර වයස්වල පසුවන්නන් වන අයවලුන් බවයි .

යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් ගිනි ගැනීමට හේතුව බවටයි සැක කෙරෙන අතර නාවික හමුදාව එම ධීවරයන් ගාල්ල වරාය පොලිසියට භාර දී ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාළ පිරිස මුදා හැර තිබෙනවා.

එම ධීවරයන් තොඩුවාව, තඹුත්තේගම, සහ මාම්පූරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොළීසිය පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...