*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

නියඟය අලිඇතුන්ටත් බලපාලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා කියා සිටින්නේ , මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා ලංකාවේ රජරට, නැගෙනහිර, ඌව, දකුණ යන පළාත්වල වනජීවී රක්ෂිතවල සහ වෙනත් වනාන්තරවල සිටින අලිඇතුන් 6000ක් ජල හිඟයකට මුහුණපා අවදානමකට ලක්ව සිටින බවයි.

වාර්ෂිකව වන අලි 450ක් පමණ  මිය යන ශ්‍රී ලංකාවේ , මෙය අධික නියගය අලියාට එල්ල වූ තවත් ශෝචනීය තත්ත්වයක්  බවද නයනක රන්වැල්ල මහතා පැවසුවේය.

උඩවලවේ වනෝද්‍යානය මෙන්ම මහවැලි ගංගාවේ ද්‍රෝණි සියල්ලේම පිහිටි වනාන්තරවලට මේ දිනවල ජල හිඟය බලපා ඇති බවත් එය අලිඇතුන්ට ඍජුවම බලපාන බවද, නියඟය තවදුරටත් පැවතුණහොත් දැනට සුපුරුදු සංචරණ මාර්ගවල ගමන් කරන අලිඇතුන් ජලය සොයාගෙන ගම්වලට පැමිණීම සිදුවන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ වියළි කාලය සෑම වර්ෂයකම එළඹෙන බවත්, එයට විසඳුම් ලෙස වාසස්ථාන කළමනාකරණය, තණපිටි ඇතිකිරීම, ගම් වටා සහ වනඋද්‍යාන වටා විදුලි වැට පිහිටුවීම වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව සමස්ත ලංකා වනජීවී නිලධාරින්ගේ සංගමේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ, නමුත් දේශපාලන බලපෑම නිසා අලි සංක්‍රමණික මාර්ග ඇතැම් තැන්වලින් අවහිර වී ඇති බවත්, ඒ ස්ථානවලින් අලි ගම් වැදී ගොවි ජනතාවට කරදර කරමින් තම ජීවිත ද අවදානමට ලක්කර ගන්නා බවත් සභාපති ප්‍රභාෂ් මහතා කියා සිටී.

අලි සංක්‍රමණික මාර්ග ගැටලුව විසඳාගතහොත් වන අලින්ට සිදුවන ජීවිත හානි සහ මිනිසුන්ට අලින්ගෙන් සිදුවන හානිය 90% ක් පමණ අඩු කරගත හැකි බවද සමස්ත ලංකා වනජීවී නිලධාරින්ගේ සංගමේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan