පී. සමරසිරිගේ “2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය” නවතම කෘතිය දැන් සියලුම සරසවි පොත්හල්වලින්

Date:

කොළඹ (LNW): ඉකුත් වර්ෂයේ ශ්‍රී ලංකාවේ හටගත් ආර්ථික අර්බුදය පිළිබඳව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා විසින් රචිත “2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය – ආර්ථික විද්‍යා ඇසකින්” නම් කෘතිය දැන් සියලුම සරසවි පොත්හල්වලින් මිලදී ගැනීමට හැකියාව ඇත.

පිටු 320 කින් සමන්විත මෙම ග්‍රන්ථය, ආර්ථිකයක ව්‍යුහය සහ ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගැනීම, ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට මග පෑදු ව්‍යුහාත්මක අවදානම්, ආර්ථික අර්බුදය පතිත වීම, පැතිරීම සහ සමාජ ආර්ථික ආදීනව, සහ ආර්ථික අර්බුදය කළමනාකරණ රාජ්‍ය ප්‍රතිපත්ති ආදී ක්ෂේත්‍ර ආවරණය කරයි.

පී. සමරසිරි මහතා, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, සහ ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 11 ක කතෘවරයා වෙයි.

පටුන

වන පරිච්ඡේදය: ආර්ථිකයක ව්‍යුහය සහ ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගැනීම

  1. අර්බුදයට පෙර වදන
  2. ආර්ථිකයක ව්‍යුහය වෙළෙඳපොළ පද්ධතිය මගින් තීරණය වීම
  3. ආර්ථිකය සහ මුදල්
  4. ආර්ථික ව්‍යුහයෙහි රාජ්‍ය මැදිහත් වීම – සාර්ව ආර්ථිකය කළමනාකරණය
  5. ආර්ථික ස්ථායිතාවය, අස්ථායීතාවය, අර්බුදය සහ ස්ථායිකරණය

වන  පරිච්ඡේදය: ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට මග පෑදු ව්‍යුහාත්මක අවදානම්

  1. ශ්‍රී ලංකා ආර්ථික ව්‍යුහයෙහි මෑත කාලීන විකාශය

2.    ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ජනිත කළ ව්‍යුහාත්මක ආර්ථික අවදානම්

3.   සාර්ව ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවයන් තුළින් ව්‍යුහාත්මක අවදානම් පෝෂණය වීම

වන පරිච්ඡේදය: ආර්ථික අර්බුදය පතිත වීම, පැතිරීම සහ සමාජ ආර්ථික ආදීනව

  1. ආර්ථික අර්බුදයන්ගේ පසුබිම
  2. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පතිත වූ ආකාරය
  3. ආර්ථික අර්බුදයෙහි සමාජ ආර්ථික ව්‍යසනය

වන පරිච්ඡේදය: ආර්ථික අර්බුදය කළමනාකරණ රාජ්‍ය ප්‍රතිපත්ති

  1. 2020-21 කාලය තුළ අර්බුදය වැලැක්වීමට ගන්නා ලද ප්‍රතිපත්ති
  2. 2022 වර්ෂය ආරම්භයේ සිට අර්බුදය නිරාකරණයට ගන්නා ලද ප්‍රතිපත්ති
  3. අර්බුද කළමනාකරණ රාජ්‍ය ප්‍රතිපත්තිවල කාර්යක්ෂමතාවය විමසීම

කර්තෘගේ වෙනත් පොත්

  1. මුදල් ගනුදෙනු, බැංකු සහ ආර්ථිකය – 2010 (සිංහල සහ දෙමළ), ශ්‍රී ලංකා මහ බැංකුව
  2. මුලික ආර්ථික විද්‍යා මූලධර්ම විග්‍රහය – 2011, ශ්‍රී ලංකා මහ බැංකුව
  3. ආර්ථික විද්‍යා මූලධර්ම සහ ප්‍රතිපත්ති – 2013, ශ්‍රී ලංකා මහ බැංකුව
  4. A Survey of Financial System – 2017, ශ්‍රී ලංකා මහ බැංකුව
  5. A Guide to Financial Services in Sri Lanka – 2017 (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි), ශ්‍රී ලංකා මහ බැංකුව
  6. Innovating Central Banks – 2019, සී/ස සරසවි ප්‍රකාශකයෝ
  7. මූලික ආර්ථික ප්‍රශ්න සහ විකල්ප විසඳුම් ක්‍රම විග්‍රහය – 2020, සී/ස සරසවි ප්‍රකාශකයෝ
  8. මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව – 2020, සී/ස සරසවි ප්‍රකාශකයෝ
  9. ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව: ගෙවුම් ශේෂය, විදේශ විනිමය සහ ප්‍රතිපත්ති – 2021, සී/ස සරසවි ප්‍රකාශකයෝ
  10. ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව: පාරිභෝගික, නිෂ්පාදක සහ වෙළෙඳපොළ හැසිරීම් – 2021, සී/ස සරසවි ප්‍රකාශකයෝ
  11. සාර්ව ආර්ථික විද්‍යාව: ජාතික ආදායම සහ උපයෝජනය, සාර්ව ආර්ථික කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතාවන් – 2021, සී/ස සරසවි ප්‍රකාශකයෝ

මූලාශ්‍රය: Economy Discovery

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...